PS මූලධර්ම

ශිල්පය සහ නිර්මාණය

මට හිතුන අනික් දේවල් වලට කලින් ග්‍රැෆික් ඩිසයින් ගැන ටිකක් කියල දීල ඉන්න. මොකක්ද ග්‍රැෆික් ඩිසයින් කියන්නෙ, මොනවද මූලධර්ම, නීති රීති, සිරිත් විරිත්. හොදයි නේද. ලංකාවෙ ගොඩක් දෙනා ග්‍රැෆික් ඩිසයින් කලාට මේ කියන දේවල් ගැන අවබෝධයක් තියෙන්නෙ කීප දෙනාටයි.

මුලින්ම කතා කරමු Typography එහෙමත් නැත්නම් මුද්‍රණාක්ෂර විද්‍යාව ගැන.

මොකක්ද මේ මුද්‍රණාක්ෂර විද්‍යාව කියන්නෙ? මුලින්ම කියන්න ඕනෙ මේක විද්යා්වක් කියල නම් කලාට මේ කියන දේ විද්යා්වකට වඩා කලාවක්. Typography හැදිල තියෙන්නෙ මූලික කරුණු 3ක් මත.

1. සචල අක්ෂර සමගින් මුද්‍රණය කිරීමේ හැකියාව සහ නිපුණත්වය
2. සචල මුද්රිණ අක්ෂර සහ මුද්‍රණ මාධ්යනයන් හි සංයෝජනය
3. මුද්‍රිත මාධ්‍යයේ සැකසුම සහ නිරූපනය.
සරලව කිව්වොත් අපි කරන නිර්මාණයක අපි භාවිත කරන අකුරු එහෙමත් නැත්නම් font යොදාගන්න ආකාරය උපරිම ආකාරයෙන්ම ගැලපෙන ලෙසින් යොදාගෙන අවශ්යක පණිවිඩය නිවැරදිව ඉදිරිපත් කිරීම ගැන තමා මේ කියන්නෙ. මෙතෙන්දි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වෙනස් වෙනස් අකුරු මුහුණත් එහෙමත් නැත්නම් ‍fonts වලින් කොහොමද නිවැරදි හෝ වැරදි හෝ අදහස්, පණිවිඩ ඉදිරිපත් වෙන්නෙ කියල.
උදාහරණත් එක්කම බලමු දැන් කොහොමද මේක වෙන්නෙ කියල. එක දෙයක් මේ මං කියන විදිහට මේක කරන්න එපා මේක කරන්න කියල නීති නම් නෑ. කැමති කෙනෙක්ට වෙනස් කරන්න පුලුවන් ඒත් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න නම් මේ දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.




















මේ පිංතූර දෙක දිහා හොදට බලන්න. පලවෙනි එකට යොදාගෙන තියෙන්නෙ sans serif කියන ෆොන්ට් එක, දෙවෙනි එකට යොදාගෙන තියෙන්නෙ serif කියන අකුරු මුහුණතක්.මොකක්ද මේ දෙකේ වෙනස. sans serif ‍font එක නොසලකා හරින්න අමාරු ‍font එකක්.එකට ඕනම කෙනෙක්ගෙ ඇහැ යනව.හේතුව ඒකෙ තියෙන ගණකම සහ හැඩය. නමුත් serif font එකේ තියෙන තුනී ගතියත් එක්ක ඒක කෙනෙක් දැක්කත් ‍කියවන්නෙ නැතිව යන්න ඉඩ තියෙනව.අනික sans serif ‍font වගේ දුර ඉදන් කියවන්න පුලුවන් කමක් මේකට නැහැ.ඒ නිසා sans serif ‍font යොදාගෙන තියෙන board එක අනිත් එකට වඩා සාර්ථකයි.‍


බලන්න මේ පිංතූරෙ Computer Repair Store එකේ ‍යොදාගෙන තියෙන Arnold Bocklin සහ Perpetua කියන ෆොන්ට් දෙක බොර්ඩ් එකේ ලස්සනට පෙනුනට අරමුණත් එක්ක ගැලපෙන්නෙ නැහැ. පරණ මොස්ත‍රයෙ කම්මැලි හිතෙන අකුරු. ඒකෙන් සම්පූර්ණයෙන්ම දෙන්නෙ වැරදි අදහසක්. Computer Repair Store එකක තියෙන්න ඕනෙ තාක්ෂණික පෙනුම ඒකෙන් නැතිවෙලා. දකුණු පැත්තෙ තියෙන furniture store එකේ බෝර්ඩ් එක බලන්න. Handmade කියන ගතියට වඩා ඒකෙ යාන්ත්රිකක බවක් පේන්න තියෙන්නෙ. පහලින් තියෙනව මේ වගේ තවත් නොගැලපෙන ‍font යොදාගත්ත අවස්ථාවන් කීපයක්. බලන්න හොදට



බලමුද දැන් මේව කොහොමද ගැලපෙන විදිහට හදාගන්නෙ කියල.සංසන්දනය කරල බලල ඔයාලම කියන්න කොයිකද හොද ගැලපෙන එක කියල.‍‍


අදහස හිතට ගන්න, අත්හදා බැලීම් කරන්න, නිර්මාණශීලී වෙන්න, මට comment එකක් දාන්න. තව එකකින් හම්බ වෙමු.

6 අදහස්:

Geeth said...

නියම පෝස්ට් එක. දිගටම කරගෙන් යන්න.. ජය වේන්වා....!!

Indranatha Thenuwara said...

Sens Serif සහ Serif ගැන අර්ථ දක්වල තියෙනව වැරදියි කියලයි මට හිතෙන්නෙ. Sens Serifකියන්නෙ අකුරු පාදමේ උල් සහිත හැඩ තල කියන එකටයි. Serif කියන්නෙ එවැනි උල් හැඩ තල නැති කියන එකටයි..!! පොඩ්ඩක් මේ ගැන හොයල බලල මටත් කියන්න.

සවීර said...

@Indranatha Thenuwara:
සර් ගෙ කතාව හරි serif

අක්ෂර සෑම අක්ෂරයක්ම තියුණු කෙලවරකින් යුක්ත හැඩ ඉරකින් යුක්ත වෙනව. මේ හැඩ ඉරකින් යුක්ත නොවන අක්ෂර තමා Sans-serif නමින් හදුන්වන්නේ. සරලවම serif කියන වචනයෙ තේරුම තමයි හැඩ ඉරකින් යුක්ත කියන එක.sans කියන්නෙ නොමැති කියන අර්ථය දෙන ප්‍රංශ වචනයක්..වැඩි විස්තර මෙතනින්

Serif අක්ෂර බහුලවම යොදාගන්නව පොත් සහ බොහොමයක් සගරාවන්හි ප්‍රධාන තේමා සදහා,Sans-serif අක්ෂර බහුලවම යොදාගන්නෙ පුවත්පත් වැනි කුඩා ඉඩක වැඩි තොරතුරු අන්තර්ගතයුතු අවස්ථාවන්දි.

chathuradarshana said...

ps ගැන ගොඩක් විස්තර ති‍යෙනවා.ස්තුතියි...

Anonymous said...

සිරා ඈ... බ්ලොග් එක සෙට් උනේ අද.

ලහිරු said...

වටිනා වැඩක්!

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..