ප්‍රමාණය සහ සැකැස්ම


බොහෝ දෙනා පෝස්ටර් අත්පත්‍රිකා වගේ දේවල් නිර්මාණය කරද්දි පුලුවන් තරම් ලොකුවට අකුරු යොදාගන්න උත්සාහ කරනව, හැම හිඩැසක්ම අකුරු වලින්ම පුරවනව. ලොකුවට තියෙන දෙයක් කියවන්න ලේසියි,තරමක් දුරට ඒ ක්‍රමේ හරි.නමුත් ඕනම නිර්මාණයක සංතුලනය තමා වැදගත්ම දේ.


බලන්න මේ පෝස්ටර් දෙක දිහා,
 
පලවෙනි එකේ සේරම වාක්‍යය ස‍ දහා ගොඩාක් දුරට එකම ප්‍රමාණයේ  ෆොන්ට් යොදාගෙන තියෙනව. ඒකෙන් පෝස්ටරයක පළමු සහ ප්‍රධානම අවශ්‍යතාවය වෙන අවධානය යොමුකරගැනීම ඉටුවෙන එකක්නම් නැහැ.ඕන ‍කෙනෙක්ට ඒක දිහා නොබල නිකන්ම පහු කරන් යන්නත් පුලුවන්.

 
දෙවෙනි එක, බලන්න ඇහැ ඇදිල යන ආකාරයට ඒකෙ වාක්‍ය ගලපල සංතුලනය කරල තියෙන හැටි. අවශ්‍ය කරුණු මතු කරල තියෙන හැටි. Public lecture කියන එක ඒ හැටිම වැදගත් නොවෙන නිසා පුංචිවට උඩටම තල්ලු කරල, දිනෙත් කෑගහල කියන්න ඔනෙ දෙයක් නෙමේනෙ ඒ නිසා ඒකටත් ඒ දේම කරල. ඊලගට වැදගත්ම දේ Life උපරිමයෙන් ලොකු කරල ඒකට අවධානය යොමු කරගෙන තියෙනව මාතෘකාවෙ අනෙක් කොටස් ටිකත් ඒ එක්කම යටින් යොදාගැනීම මගින් ඒ කොටස් අවධානය යොමුවිය යුතු දේවල් කියල අගවනව. Professor Frink වඩා විශාල හිස් අවකාශයක් තුල යොදල අවධානය යොමුකරගෙන තියෙනව,  එතනදි ප්‍රමාණයට වඩා පිහිටීම නිසා අවධානය යොමු වෙනව ඒ වෙතට. සාර්ථක නිර්මාණයක්.

තුන්වෙනි එක, දෙවැන්නට වඩා තව ටිකක් වැඩි දියුණු කරල. ‘the’ සහ ‘and’ සුලු අදහස් දෙන වචන දෙකක් නිසා ටිකක් පුංචි කරල ඝනකම අඩු font එකක් පාවිච්චි කරල. ඊලගට  ‘the’,‘and’ සහ ‘by Professor Frink’ කියන ටික ටිකක් පැත්තකට කලා. කෙනෙක්ට හිතෙන්න පුලුවන් සේරම ටික මැද්දට ගත්තම පිලිවෙලයි කියල. හැබැයි ඒකෙන් අදුරු සිත් නොගන්නා ඒකාකාරී බවකුත් නිර්මාණය වෙන බව මතක තියාගන්න. නිර්මාණයක සමමිතික බව නැතිකරල ටිකක් නොරිස්සන හැගීමක් නිර්මාණයට එකතු කිරීම මගින් කෙනෙක්ගෙ අවධානය යොමුකරගන්න පහසු බවත් මතක තියාගන්න. හැබැයි ඒක කරන්න ගිහින් තැන් තැන් වල වචන තියල කුණු ගොඩක් කරගන්නෙ නැතිව පෙළ ගස්ස ගන්න. මෙතනට තමා නිර්මාණ කරුවෙක්ගෙ ඇහැක් ඕනෙ වෙන්නෙ. ලේසි ක්‍රමයක් කියන්නම්. අකුරු වල තියෙන සිරස් රේඛා උදව් කරගන්න. බලන්න අපේ පෝස්ටරේ දිහා ‘the’ පෙළගස්සල තියෙන්නෙ ඊට උඩින් තියෙන‍ f අකුරෙ සිරස් රේඛාවත් එක්ක. ‘and’ ඇතුලෙ තියෙන d අකුර උඩින් තියෙන v අතුරටයි යටින් තියෙන y අකුරටයි අනුරූපව පෙලගස්සල. මේක ටිකක් සංකීර්ණ වැඩක්, හොද පලපුරුද්දකුයි කලාත්මක ඇහැකුයි තියෙනවනම් විශිෂ්ඨ නිර්මාණයකට යන එක ලේසියි.( කලාත්මක ඇහැක් ගැන වද වෙන්න එපා නිර්මාණ දිහා බලල අත්හදා බලල හොද ඇහැක් හදා ගතහැකි)

0 අදහස්:

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..