PS මූලධර්ම

6 අදහස්
ශිල්පය සහ නිර්මාණය

මට හිතුන අනික් දේවල් වලට කලින් ග්‍රැෆික් ඩිසයින් ගැන ටිකක් කියල දීල ඉන්න. මොකක්ද ග්‍රැෆික් ඩිසයින් කියන්නෙ, මොනවද මූලධර්ම, නීති රීති, සිරිත් විරිත්. හොදයි නේද. ලංකාවෙ ගොඩක් දෙනා ග්‍රැෆික් ඩිසයින් කලාට මේ කියන දේවල් ගැන අවබෝධයක් තියෙන්නෙ කීප දෙනාටයි.

මුලින්ම කතා කරමු Typography එහෙමත් නැත්නම් මුද්‍රණාක්ෂර විද්‍යාව ගැන.

මොකක්ද මේ මුද්‍රණාක්ෂර විද්‍යාව කියන්නෙ? මුලින්ම කියන්න ඕනෙ මේක විද්යා්වක් කියල නම් කලාට මේ කියන දේ විද්යා්වකට වඩා කලාවක්. Typography හැදිල තියෙන්නෙ මූලික කරුණු 3ක් මත.

1. සචල අක්ෂර සමගින් මුද්‍රණය කිරීමේ හැකියාව සහ නිපුණත්වය
2. සචල මුද්රිණ අක්ෂර සහ මුද්‍රණ මාධ්යනයන් හි සංයෝජනය
3. මුද්‍රිත මාධ්‍යයේ සැකසුම සහ නිරූපනය.
සරලව කිව්වොත් අපි කරන නිර්මාණයක අපි භාවිත කරන අකුරු එහෙමත් නැත්නම් font යොදාගන්න ආකාරය උපරිම ආකාරයෙන්ම ගැලපෙන ලෙසින් යොදාගෙන අවශ්යක පණිවිඩය නිවැරදිව ඉදිරිපත් කිරීම ගැන තමා මේ කියන්නෙ. මෙතෙන්දි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වෙනස් වෙනස් අකුරු මුහුණත් එහෙමත් නැත්නම් ‍fonts වලින් කොහොමද නිවැරදි හෝ වැරදි හෝ අදහස්, පණිවිඩ ඉදිරිපත් වෙන්නෙ කියල.
උදාහරණත් එක්කම බලමු දැන් කොහොමද මේක වෙන්නෙ කියල. එක දෙයක් මේ මං කියන විදිහට මේක කරන්න එපා මේක කරන්න කියල නීති නම් නෑ. කැමති කෙනෙක්ට වෙනස් කරන්න පුලුවන් ඒත් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න නම් මේ දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.




















මේ පිංතූර දෙක දිහා හොදට බලන්න. පලවෙනි එකට යොදාගෙන තියෙන්නෙ sans serif කියන ෆොන්ට් එක, දෙවෙනි එකට යොදාගෙන තියෙන්නෙ serif කියන අකුරු මුහුණතක්.මොකක්ද මේ දෙකේ වෙනස. sans serif ‍font එක නොසලකා හරින්න අමාරු ‍font එකක්.එකට ඕනම කෙනෙක්ගෙ ඇහැ යනව.හේතුව ඒකෙ තියෙන ගණකම සහ හැඩය. නමුත් serif font එකේ තියෙන තුනී ගතියත් එක්ක ඒක කෙනෙක් දැක්කත් ‍කියවන්නෙ නැතිව යන්න ඉඩ තියෙනව.අනික sans serif ‍font වගේ දුර ඉදන් කියවන්න පුලුවන් කමක් මේකට නැහැ.ඒ නිසා sans serif ‍font යොදාගෙන තියෙන board එක අනිත් එකට වඩා සාර්ථකයි.‍


බලන්න මේ පිංතූරෙ Computer Repair Store එකේ ‍යොදාගෙන තියෙන Arnold Bocklin සහ Perpetua කියන ෆොන්ට් දෙක බොර්ඩ් එකේ ලස්සනට පෙනුනට අරමුණත් එක්ක ගැලපෙන්නෙ නැහැ. පරණ මොස්ත‍රයෙ කම්මැලි හිතෙන අකුරු. ඒකෙන් සම්පූර්ණයෙන්ම දෙන්නෙ වැරදි අදහසක්. Computer Repair Store එකක තියෙන්න ඕනෙ තාක්ෂණික පෙනුම ඒකෙන් නැතිවෙලා. දකුණු පැත්තෙ තියෙන furniture store එකේ බෝර්ඩ් එක බලන්න. Handmade කියන ගතියට වඩා ඒකෙ යාන්ත්රිකක බවක් පේන්න තියෙන්නෙ. පහලින් තියෙනව මේ වගේ තවත් නොගැලපෙන ‍font යොදාගත්ත අවස්ථාවන් කීපයක්. බලන්න හොදට



බලමුද දැන් මේව කොහොමද ගැලපෙන විදිහට හදාගන්නෙ කියල.සංසන්දනය කරල බලල ඔයාලම කියන්න කොයිකද හොද ගැලපෙන එක කියල.‍‍


අදහස හිතට ගන්න, අත්හදා බැලීම් කරන්න, නිර්මාණශීලී වෙන්න, මට comment එකක් දාන්න. තව එකකින් හම්බ වෙමු.
කියවන්න "PS මූලධර්ම"

ටී ෂර්ට් එකට ගිය නතාෂා

5 අදහස්

පොඩි අමුතු වැඩක් කරල බලමුද?
මොකද හිතෙන්නෙ මේ ෆොටෝ දෙක ගැන (ඔරිජිනල් එක බෑවෙ Lanka Actress බ්ලොග් එකෙන්)
‍බොහොම සරල සිද්ධාන්තයක් ‍උපයෝගයෙන් තමයි මේක හදල තියෙන්නෙ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව. මොකද කියන්නෙ කරල බලමුද?
මේකට ඕනෙ කරනව හොට ආලෝක කරණය වුනු ඡායාරූපයක්. අර උඩින් තියෙන එක වගේ.ඔයාල කැමති ඕන එකක් අරගෙන බලන්න හරියනවද කියල.නැත්නම් වෙන එකක් ගන්න එකනෙ තියෙන්නෙ.
මුලින්ම PS වලින් Open කරගෙන background layer එක duplicate කරන්න ඕනෙ.( Ctrl+J) කී බෝර්ඩ් ලුහු මං නුහුරුයි නම් ලේසි ක්‍රමේ තමා background layer එක new layer Icon එක උඩට ඇදල දාන එක.

ඊලගට මේ duplicate කරගත්තු background layer එක desaturate (Shift+Ctrl+U)  කරගන්න. ඡායාරූපයක් කලු සුදු කරන්න(Grayscale) මේක තමා සරලම ක්‍රමය.හැබැයි මීට වඩා සංකීර්ණ ක්‍රමත් තියෙනව. Desaturate නොකලයි කියලත් ප්‍රශ්නයක් නම් නෑ, නමුත් අපි බලාපෙරොත්තු වෙන ඡායාරූප‍යෙ තත්වය ඉහලින් තියාගන්න පුලුවන් මේකෙන්.අවශ්‍යයි කියල හිතෙනව නම් levels (ctrl +l) ටිකක් වෙනස් කරගන්න.

ඊලගට තමා වැඩේ තියෙන්නෙ. PS වල තියෙනව Threshold කියල විධානයක් ඒකට තමා ඉතුරු වැඩ ටික බාර.

අපේ අර background copy කියන layer ට මේ විධානෙ දුන්නහම වෙන දේ තමා ඔය පහලින් තියෙන්නෙ,අපේ අවසාන පියවරට කිට්ටුයි වගේ පෙනුනට මේකට තව වැඩ ටිකක් තියෙනව. Ok බොත්තම ඔබන්න කලින් ටිකක් බලන්න Threshold දාපු නතාෂගෙ පින්තූරෙ සමහර තැන් තද කලු පාටයි (බලන්න කොණ්ඩෙ ගාව) සමහර තැන් පේන්නෙ නෑ (බලන්න නිකට ලග)

ඒකට කරන්න තියෙන්නෙ එක් එක් තැන් වලට වෙන වෙන Threshold Level දෙන එකයි.තේරුනේ නැතිද. මෙහෙමයි, මුලින්ම පින්තූරෙ මූණ හරිය පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න දැන් Ok බොත්තම ඔබන්න.දැන් කරන්න තියෙන්නෙ background copy layer එකේ මූණ ඇරෙන්න අනෙක් අපැහැදිලි කොටස් මකල දාන එක. ඔයාලට පුලුවන් Eraser tool (E) එක හරි Lasso tool (L) එක හරි පාවිච්චි කරන්න.

ඊලගට ආයෙම background layer එකේ පිටපතක් අරගෙන ඒකටත් කලින් වැඩේම කරන්න.හැබැයි මේ පාර අපි අතඇරල මකල දාපු කොටසක් පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න.හරිනෙ ඕකේ කලා delete කලා. සම්පූර්ණ පින්තූරයම මේ විදිහට හදා ගන්න.ටිකක් රලු උනාට කමක් නෑ.ඒක පස්සෙ හදාගන්න පුලුවන්. එක දෙයක් මතක තියාගන්න කිසිම වෙලාවක කිසිම වෙනස් කමක් මූලික ලේයරයට සිදු කරන්න එපා. හැම වෙලාවෙම duplicate layer වලට කරන දෙයක් කරන්න.ඒක ඇගට හොයි වගේම PS වල රීතියක්.

ඊලගට අපි කපල කොටල හදාගත්ත ලේයර් ටික සේරම එකට select කරල merge කරගන්න.( background layer එකයි background copy layer එකයි ඇරෙන්න)

ඊලගට background layer එකයි background copy layer එකයි දෙකම hide කරල. background copy 1 කියල තියෙන අපේ merge කරපු layer එක magic wand tool (w) එකෙන් select කරල සම්පූර්ණ සුදු පාට පසුබිමම ඉවත් කරගන්න.අඩු පාඩු තැන් තියේනම් Brush (B) tool එකයි Eraser (E) tool එකයි යොදාගෙන සම්පූර්ණ කරගන්න.(ඒකට නම් ටිකක් අතේ හුරුව ඕනෙ.)


ඔන්න අපේ වැඩේ ඉවරයි.දැන් කැමති background එකක් දාගෙන.layer එකටත් කැමති පාටක් දාගෙන save කරගන්න.


ඊලගට මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලත් අදහසක් දෙන්නම්.අලුත් වැඩකින් කෙනෙක්ව පුදුම කරවන්න වගෙම මේ වගේ දෙයක් තව තව නිර්මාණශීලී දේවල් වලට යොදාගන්නත් පුලුවන්. මේ වගේ පින්තූරයක් T-Shirt එකකට, Mug එකකට මුද්‍රණය කරල ඔබ ආදරේ කරන කෙනෙක්ට තැග්ගක් දෙන්න. එහෙමත් නැත්නම් facebook එකේ profile picture එකට දාන්න හරි කමක් නෑ.හිතල බලන්න මට වඩා නිර්මාණශිලී අදහස් ඔබට ඇති.ඒ දේවල් අත්හදා බලන්න (මං අපේ අක්කගෙ ඡායාරූපයක් මේ විදිහට හදල එයාට දුන්න මීට අවුරුදු එකහමාරකට විතර කලින්,එයා ගෙ Pen drive එකේ අදටත් ඒක තියාගෙන ඉන්නව.මං ඒක පෙන්නපු වෙලාවෙ ඉදල මේ වෙනකන් ම එයා ඒ පින්තූරෙට එක වගේ ආසයි.මට ඒක එයාගෙ b-day එක දවසෙ mug එකකට print කරල දෙන්න උවමනාව තිබුනත්.ඒකට අවශ්‍ය වෙන transfer paper මුලු කොළඹම හොයලත්‍ හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නව නම් ගන්න තැනක් මටත් කියන්න).යන ගමන් comment එකක් දාගෙනම යන්න. එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමු.
කියවන්න "ටී ෂර්ට් එකට ගිය නතාෂා"

Photoshop CS4 අතුරු මුහුණත

0 අදහස්
මේ තමයි Photoshop CS4 version එකේ පෙනුම. මේකෙ තමයි අපි වැඩ කිඩ සෙල්ලම් සේරම දාන්නෙ.
මේකෙ එක එක icon ගානෙ විස්තර කරන්න මං බලා පොරොත්තු වෙන්නෙ නම් නෑ.මං CS4 වලින් මේ දේවල් ඉදිරිපත් කලාට ඔයාලට CS වලින් ඉහල ඕනෙම පිටපතක් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්.සරල දැනුමක් තියෙනව නම් හොදයි කියල හිතෙනව.ඒ ‍නැතත් ඕනෙම කෙනෙක්ට වටහාගන්න පුලුවන් විදිහට බොහොම සරලව මේ පාඩම් ටික ඔයාලට දෙන්න මං උත්සාහ කරනව.ඉතින් මට ඒ වෙනුවෙන් එක දෙයක් නම් අනිවාර්්‍යයෙන් ඕනෙ.Post එක බලල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. අදහස් විවේචන අඩුපාඩු වැරදීම් නොතේරෙන දෙයක් තියේනම් කොටින්ම කිව්වොත් කුණුහරුප නොවෙන ඕනෙම දෙයක් ලියල යන්න. මේක දිගටම කරගෙන යන්න ඒක උදව්වක් වෙයි.
එහෙනම් අපි මුලින්ම බොහොම සරල පොඩි trick එකක් කරල බලමු නේද...?මට හිනතනව එහෙම හොදයි කියල.
එහෙනම් ඊලග post එකෙන් බලමු මොනවගේද කියල ඒකත්.
කියවන්න "Photoshop CS4 අතුරු මුහුණත"

පටන් ගමු

0 අදහස්
පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා ගිය දවස් ටිකේම ටිකක් බිසී වෙලා හිටියෙ.
ඉතින් ඔන්න මන් ආයෙම ආව. පටන් ගමු නේද එහෙනම් වැඩේ.
කියවන්න "පටන් ගමු"

Graphic Design සහ Photoshop

0 අදහස්







මතකයි නේද මේ වගේ කැමරා වලින් ජායාරූප ගත්තු කාලෙ. Film රෝල studio එකකට අරන් ගිහින් සුද්ද කරගත්ත කියමු.ඒත් කොයිතරම් අමාරු වැඩක්ද අද කාලෙත් එක්ක බලන කොට.දන්න කියන කෙනෙක් ඉන්නවනම් අහල බලන්න ඒ දවස්වල පරණ දුර්වර්ණ වුනු ජායාරූපයක් ප්‍රතිසංස්කරණය කරපු හැටි. මැගසින් බැනර්, පෝස්ටර් ඩිසයින් කරපු හැටි.


තාක්ෂණය, කලාව, මුද්‍රණ ක්ෂේත්‍රය මේ සේරම පරිගණකය බාර ගත්තට පස්සෙ මේ දේවල් කරන්න මෘදුකාංගයක් අවශ්‍ය වෙනව, මෙන්න Adobe Systems සමාගමෙන් නිකුත් කරනව Photoshop කියන මෘදුකාංගය (Photoshop 1.0 – released 1988) මේක කල් යද්දි දියුණුවෙන් දියුණුවට ඇවිල්ල අද වෙද්දි Photoshop Cs4 වෙනකන් ඇවිත් අර කලින් කියපු ක්ෂේත්‍ර වල නිරත වෙලා ඉන්න අය අතරෙ බොහොම ජනප්‍රිය මෘදුකාංගයක් වෙලා තියෙනව.

Gimp, Photo Studio, Corel Paint Shop වගේ මෘදුකාංග තිබුනත් ජායාරූප සංස්කරණයට බොහෝ දෙනා භාවිත කරන නිසාවෙන් Photoshop ගැන කියන්න හිතුන. මං මේ කියල දෙන බොහොමයක් දේවල් ඔයාලට Gimp වලත් අත්හදා බලන්න පුලුවන්. Gimp කියන්නෙ gnu based ඒ කියන්නෙ Linux වල වැඩකරන්න පුලුවන් මෘදුකාංගයක් (දැන්නම් මේකෙ windows වලටත් පිටපතක් තියෙනව) තවත් දෙයක් මේක Open Source මෘදුකාංගයක් නිසා නොමිලයේ තමයි ලබා දෙන්නෙ.
කියවන්න "Graphic Design සහ Photoshop"

ආයුබෝවන්

2 අදහස්
‍අපේ තාලෙට අපේ ක්‍රමේට අලුත් වැඩක් කරන්න මට හිතුන,
අපේ ලංකාවෙ photographers, designersල හැමෝටමත් එහෙම 
වෙන්න බලාපො‍රොත්තු වෙන හැමෝටමත්
අඩුවක් වෙලා තිබුන දෙයක් පටන් ගන්න තමා මේ හදන්නෙ.  
graphic design ගැන මං දන්න දේ සේරම දන්න සිංහලෙන්
අද ඉදන් මේ බ්ලොග් එකේ මං දානව. එක දෙයක් මේකට ඔයාල හැමෝගෙමත්
උදව් ඕනෙ.comments ඕනෙ.අඩුපාඩු ගැන අලුත් අදහස් මේ සේරම comment කරන්න 
කියල හැමදෙනාටම ආරාධනා කරනව.  
කියවන්න "ආයුබෝවන්"