ටී ෂර්ට් එකට ගිය නතාෂා


පොඩි අමුතු වැඩක් කරල බලමුද?
මොකද හිතෙන්නෙ මේ ෆොටෝ දෙක ගැන (ඔරිජිනල් එක බෑවෙ Lanka Actress බ්ලොග් එකෙන්)
‍බොහොම සරල සිද්ධාන්තයක් ‍උපයෝගයෙන් තමයි මේක හදල තියෙන්නෙ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව. මොකද කියන්නෙ කරල බලමුද?
මේකට ඕනෙ කරනව හොට ආලෝක කරණය වුනු ඡායාරූපයක්. අර උඩින් තියෙන එක වගේ.ඔයාල කැමති ඕන එකක් අරගෙන බලන්න හරියනවද කියල.නැත්නම් වෙන එකක් ගන්න එකනෙ තියෙන්නෙ.
මුලින්ම PS වලින් Open කරගෙන background layer එක duplicate කරන්න ඕනෙ.( Ctrl+J) කී බෝර්ඩ් ලුහු මං නුහුරුයි නම් ලේසි ක්‍රමේ තමා background layer එක new layer Icon එක උඩට ඇදල දාන එක.

ඊලගට මේ duplicate කරගත්තු background layer එක desaturate (Shift+Ctrl+U)  කරගන්න. ඡායාරූපයක් කලු සුදු කරන්න(Grayscale) මේක තමා සරලම ක්‍රමය.හැබැයි මීට වඩා සංකීර්ණ ක්‍රමත් තියෙනව. Desaturate නොකලයි කියලත් ප්‍රශ්නයක් නම් නෑ, නමුත් අපි බලාපෙරොත්තු වෙන ඡායාරූප‍යෙ තත්වය ඉහලින් තියාගන්න පුලුවන් මේකෙන්.අවශ්‍යයි කියල හිතෙනව නම් levels (ctrl +l) ටිකක් වෙනස් කරගන්න.

ඊලගට තමා වැඩේ තියෙන්නෙ. PS වල තියෙනව Threshold කියල විධානයක් ඒකට තමා ඉතුරු වැඩ ටික බාර.

අපේ අර background copy කියන layer ට මේ විධානෙ දුන්නහම වෙන දේ තමා ඔය පහලින් තියෙන්නෙ,අපේ අවසාන පියවරට කිට්ටුයි වගේ පෙනුනට මේකට තව වැඩ ටිකක් තියෙනව. Ok බොත්තම ඔබන්න කලින් ටිකක් බලන්න Threshold දාපු නතාෂගෙ පින්තූරෙ සමහර තැන් තද කලු පාටයි (බලන්න කොණ්ඩෙ ගාව) සමහර තැන් පේන්නෙ නෑ (බලන්න නිකට ලග)

ඒකට කරන්න තියෙන්නෙ එක් එක් තැන් වලට වෙන වෙන Threshold Level දෙන එකයි.තේරුනේ නැතිද. මෙහෙමයි, මුලින්ම පින්තූරෙ මූණ හරිය පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න දැන් Ok බොත්තම ඔබන්න.දැන් කරන්න තියෙන්නෙ background copy layer එකේ මූණ ඇරෙන්න අනෙක් අපැහැදිලි කොටස් මකල දාන එක. ඔයාලට පුලුවන් Eraser tool (E) එක හරි Lasso tool (L) එක හරි පාවිච්චි කරන්න.

ඊලගට ආයෙම background layer එකේ පිටපතක් අරගෙන ඒකටත් කලින් වැඩේම කරන්න.හැබැයි මේ පාර අපි අතඇරල මකල දාපු කොටසක් පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න.හරිනෙ ඕකේ කලා delete කලා. සම්පූර්ණ පින්තූරයම මේ විදිහට හදා ගන්න.ටිකක් රලු උනාට කමක් නෑ.ඒක පස්සෙ හදාගන්න පුලුවන්. එක දෙයක් මතක තියාගන්න කිසිම වෙලාවක කිසිම වෙනස් කමක් මූලික ලේයරයට සිදු කරන්න එපා. හැම වෙලාවෙම duplicate layer වලට කරන දෙයක් කරන්න.ඒක ඇගට හොයි වගේම PS වල රීතියක්.

ඊලගට අපි කපල කොටල හදාගත්ත ලේයර් ටික සේරම එකට select කරල merge කරගන්න.( background layer එකයි background copy layer එකයි ඇරෙන්න)

ඊලගට background layer එකයි background copy layer එකයි දෙකම hide කරල. background copy 1 කියල තියෙන අපේ merge කරපු layer එක magic wand tool (w) එකෙන් select කරල සම්පූර්ණ සුදු පාට පසුබිමම ඉවත් කරගන්න.අඩු පාඩු තැන් තියේනම් Brush (B) tool එකයි Eraser (E) tool එකයි යොදාගෙන සම්පූර්ණ කරගන්න.(ඒකට නම් ටිකක් අතේ හුරුව ඕනෙ.)


ඔන්න අපේ වැඩේ ඉවරයි.දැන් කැමති background එකක් දාගෙන.layer එකටත් කැමති පාටක් දාගෙන save කරගන්න.


ඊලගට මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලත් අදහසක් දෙන්නම්.අලුත් වැඩකින් කෙනෙක්ව පුදුම කරවන්න වගෙම මේ වගේ දෙයක් තව තව නිර්මාණශීලී දේවල් වලට යොදාගන්නත් පුලුවන්. මේ වගේ පින්තූරයක් T-Shirt එකකට, Mug එකකට මුද්‍රණය කරල ඔබ ආදරේ කරන කෙනෙක්ට තැග්ගක් දෙන්න. එහෙමත් නැත්නම් facebook එකේ profile picture එකට දාන්න හරි කමක් නෑ.හිතල බලන්න මට වඩා නිර්මාණශිලී අදහස් ඔබට ඇති.ඒ දේවල් අත්හදා බලන්න (මං අපේ අක්කගෙ ඡායාරූපයක් මේ විදිහට හදල එයාට දුන්න මීට අවුරුදු එකහමාරකට විතර කලින්,එයා ගෙ Pen drive එකේ අදටත් ඒක තියාගෙන ඉන්නව.මං ඒක පෙන්නපු වෙලාවෙ ඉදල මේ වෙනකන් ම එයා ඒ පින්තූරෙට එක වගේ ආසයි.මට ඒක එයාගෙ b-day එක දවසෙ mug එකකට print කරල දෙන්න උවමනාව තිබුනත්.ඒකට අවශ්‍ය වෙන transfer paper මුලු කොළඹම හොයලත්‍ හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නව නම් ගන්න තැනක් මටත් කියන්න).යන ගමන් comment එකක් දාගෙනම යන්න. එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමු.

5 අදහස්:

Anonymous said...

thnx a lot.....

Saweera said...

need more comments guys

Unknown said...

Ela Kiri macho.....
goodwork...........

Anonymous said...

කිසිම ඉමේජ් එකක් පේන්නේ නෑ නෙ?

චතූ said...

පින්තූර එකක්වත් පේන්නේ නෑනෙ

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..