බැලීම සහ අහක බැලීම

5 අදහස්
ඡායාරූප සංස්කරණයෙදි සැලකිය යුතු කරුණු කීපයක් ගැන කියන්න තමයි අද ලෑස්තිය.
ඡායාරූප කිපයක එකතුවක් නැත්නම් photomontage එකක් නිර්මාණයෙදි පුලුවන් තරම් අපි ඒ මගින් කියන්න බලාපොරොත්තු වෙන දේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ. අපේ නිර්මාණය නිර්මාණාත්මක කරගන්න කරුණු කීයපක්ම බලපානව. ප්‍රේක්ෂකයාගෙ ඇහැ යොමුකරගන්න පුලුවන් විශිෂ්ඨ නිර්මාණ කරන්න නම් මේ කාරණා ටිකක් වැදගත්.
අපේ නිර්මාණයකට පුදුගල රූපයක් ඇතුලත් වෙනවනම් ඒ පුද්ගලයා අපේ නිර්මාණය තුල සිටින තැන අනුව නිර්මාණයෙ අගය වැඩි වෙනව.පුද්ගලයෙක් නිර්මාණයෙන් පිටත බලන් ඉන්නවට වඩා නිර්මාණය තුලට යොමුවෙලා ඉන්නවනම් ඒකෙ අගය වැඩි වෙනව.
image                                           image
පලවෙනි රූපෙ ඉන්න පුද්ගලය පොත් රාක්කෙ දිහා බලන් ඉන්නව ටිකක් දුරට වෙලා. අපිට දැක්කහම හිතන්න පුලුවන් පොතක් තෝරනව කියල.රූපයෙ වම් පැත්ත ඉදල දකුණු පැත්තට යනකන් අපේ ඇහැ යොමු වෙනව. සාර්ථක නිර්මාණයක්.
දෙවෙනි රූපෙදි මේ ඉන්න පුද්ගලය තව ටිකක් පොත් රාක්කෙට කිට්ටු වෙලා. පොත් රාක්කෙ පොත් නමු හොදට පේනව ඇති.නමුත් පිංතූරය සංතුලනය වෙලා නෑ.පුද්ගලයට පිටුපසින් තියෙන ඉඩ පිංතූ‍රයෙ අපේ කතාවට අනවශ්‍ය දෙයක්.
image
මේ රූපයත් ඒ වගේ මීට වඩා සාර්ථකයි මේ ලමය අනික් පැත්තට හැරිල හිටිය නම්.
චලනය වන වස්තු නිර්මාණයකට යොදාගනිද්දි ඒව ද්ර්ශනය තුලට එන විදිහට යොදා ගැනීමෙන්  නිර්මාණයට විශාල අගයක් එකතු කරන්න පුලුවන්.ඒක සරල මිනිස් සිතුවිල්ලක් අපි ගිය තැනට වඩා යන තැනනෙ වැදගත් වෙන්නෙ. අපි යන තැන පෙන්නන්න.
image
image
image
තුන්වෙනි උදාහරණයෙ ප්‍රධාන අරමුණ තාප්‍පෙ ලියල තියෙන වැකිය. කාන්තාවගෙ රූපෙ හුදෙක් මිනිස් සම්බන්ධතාවය දක්වනව විතරයි එතෙන්දි.
අප්‍රාණික වස්තු වලටත් මේ යොමුවෙලා තියෙන දිසාව බලපානව.බලන්න පහල පිංතූර දෙක දිහා පලවෙනි එක ජලය මත ගමන් කරන ආකාරය දැක්වෙනව. දෙවෙනි එක ඒ අදහස දෙන්න තරම් සාර්ථක නැහැ.imageimage

ආ තව එකක් අරාබි කාරයෙක් නෙමෙයි නම් හැම වෙලේම ඕනම නිර්මාණයක් වමේ ඉදල දකුණට කියවෙන විදිහට තියාගන්න. නැත්නම් කෙනෙක්ට නුහුරු වෙන්න පුලුවන්.අදහස හිතට ගන්න වැඩි දියුණු කරගන්න. හොද නිර්මාණ වල යෙදෙන්න. මට කමන්ට් එකක් දාල  Follow කරන්න. එහෙනම් ඊලග එකෙන්......
කියවන්න "බැලීම සහ අහක බැලීම"

PDF සහ බ්ලොග් පාඩම්

4 අදහස්
කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ Pdf Generate Plugin එක ලෙඩ දෙන්න පටන් ගත්ත නිසා අයින් කරන්න සිද්ද උනා.කෙසේ වෙතත් බ්ලොග් එකේ පාඩම් සියල්ලම එකතු කරල ‍පොතක් වශයෙන් නිර්මාණය කරන්නත් මූලික සැකසුම් කරගෙන යනව.මට ඒ පිළිබදව සියල්ලන්ගෙම අදහස් ඕනෙ.බ්ලොග් එකේ මාත්සමග ඉන්න comment කරන අදහස් දක්වන සියල්ලන්ටම පොත නොමිලයේම ලබා දෙන්නත් අදහස් කරනව..ලියන්න ඔබේ අදහස්.....
කියවන්න "PDF සහ බ්ලොග් පාඩම්"

Text වැඩ

3 අදහස්
Font ගැන Text ගැන ගොඩක් කතා කරපු නිසා මට හිතුන ඒවයින් දැන් වැඩක් ගත්තොත් හොදයි කියල..ප්‍රායෝගික පැත්තකුත් තියෙන්න එපැයි නේද? තව ගොඩක් න්‍යායික දේවලුත් තියෙනව දැනගන්න.හදිස්සියක් නෑනෙ හිමීට කියල දෙන්නම්. පාරවල් වල කහ පාටින් ලියල තියෙන මාර්ග සංඥා දැකල තියෙනවද..ටයර් වලට ගෙවිල වැස්සට තෙමිල තියෙන ඒවගේ එකක් අපිට Ps වලින් හදන්නත් පුලුවන්. මොකද කියන්නෙ බලමුද පුලුවන්ද කියල..

මුලින්ම අපිට ඕනෙ අලුත් කැන්වස් එකක්.චිත්‍ර අදින්නෙ කැන්වස් වලනෙ නේද? Ps විවෘත කරල [Ctrl+N] ඔබල 640x480 සයිස් එකට එකක් හදාගන්න.(මං ගත්තෙ මේ ගානට කැමති ගානක් ගන්න කැමති කෙනෙක්ට පුලුවන්) ආ මුලින්ම කියන්න ඕනෙ මං පාවිච්චි කරන්නෙ CS5 ඒ නිසා පැරණි version වල මේ පෙනුම වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේ කරන විදිහටම CS version එකෙත් කරන්න පුලුවන්.

දැන් මේකට අපේ Text එක දාගන්න ඕනෙ, ඊට කලින් පෙරබිම් සහ පසුබිම් වර්ණ (Foreground and Background) පිළිවෙලින් කළු සහ සුදු වලට හරවගන්න ඕනෙ.ලේසියෙන්ම කරන්න පුලුවන් ඔය ඊතලේ තියෙන තැන click කළාම.


ඊලගට text tool එක අරගෙන Font එක තෝරගන්න ටිකක් ඝනකම් එකක්.මං ගත්‍තෙ Impact සයිස් එක
72 pt. දැන් කැමති විදිහට ටයිප් කරගන්න

දැන් මේක ආයෙම resize කරගන්න ඕනෙ [Ctrl+T] ඔබල Free Transform විධානය ලබාගන්න.එක මුල්ලකින් අල්ලගෙන අවශ්‍ය ප්‍රමාණයට size කරගන්න.ආ මතක තියාගන්න Free Transform කරද්දි Shift key එකත් ඔබාගන්න එතකොට text එකේ accept ratio එකට වෙනසක් වෙන්නෑ..(තරහ වෙන්න එපා සමහර වචන වලට ඉංග්‍රීසි වචනම යොදාගන්නෙ සිංහල වචන තේරුම් ගන්න අමාරු වෙන නිසා)

ඊලගට ලේයර් පැලට් එකෙන් අලුත් ලේයරයක් ලබා ගන්න.දැන් මේකට පොඩි Texture එකක් දාගන්න ඕනෙ. Filter > Render > Clouds ගිහින් පොඩි වලාකුලක් දාගමු.ම්ම් එකක් මදි වගේ ආයෙම පාරක් Filter > Render > Difference Clouds ගිහින් තව Texture දාගන්න.හිතට හරියන එකක් එනකන් [Ctrl+F] (අවසානයට යොදාගත් ෆිල්ටරය නැවතත්).



දැන් Filter > Sketch > Conte Crayon ගිහින් එතන අගයන් මේ විදිහට හදන්න.

Foreground Level - 13,
Background Level - 13
Texture - Sandstone
Relief – 20




දැන් channel Palette එකට ගිහින් Ctrl key එක ඔබාගෙන උඩම තියෙන RGB channel එක උඩ click කරන්න එතකොට අපි හදගත්ත ලේයර් එකේ දීප්තිමත් කොටස් විතරක් සෙලෙක්ට් වෙයි.ඊලගට ආයෙම ලේයර් පැලට් එකට ගිහින් අපේ text ලේයර් එක New Layer button එක අඩට ඇදල දාල එකේ ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න.දැන් අර ඇහැක් වගේ තියෙන Layer Visibility icon එක උඩ click කරල Background layer එකයි duplicate text layer එකයි ඇරෙන්න අනිත් සේරම hide කරන්න.දැන් duplicate text layer සෙලෙක්ට් කරල Add a Mask button උඩ click කරන්න.(මතක තියාගන්න මේ වෙනකොටත් අපි අර සෙලෙක්ට් කරගත්ත දීප්තිමත් කොටස් සෙලෙක්ට් වෙලා තියෙන්න ඔනෙ




දැන් duplicate text layer එකේ mask icon එක උඩ click කරල Image > Adjustments > Levels [Ctrl+L] ගිහින් එතන අගයන් රූපයේ විදිහට හදන්න.



Filter > Noise > Median ගිහින් Radius එක 2 pixels හදල OK කරන්න.



දැන් duplicate text layer එකේ Blend Mode එක Dissolve වලට දාල Fill එක 92% කරන්න. අර හැංගිලා තියෙන text layer එක එලියට අරන් එකෙත් Blend Mode එක Dissolve වලට දාල Fill එක 25% කරන්න.



දැන් text ලේයර් දෙකම එක සැරේ සෙලෙක්ට් කරල(shift හරි ctrl හරි key පාවිච්චි කරන්න) [Ctrl+E] ඔබල ලේයර් දෙක එක් කරන්න.

ඊලගට මේකට තාත්වික බවක් එක්වෙන්න මං O අකුරෙයි P අකුරෙයි මැදින් පොඩි තීරුවක් අයින් කලා.ඊලගට Image > Adjustments > Hue/Saturation වෙතට ගිහින් එතන අගයන් රූපයෙ විදිහට වෙනස් කලා. Colorize එකට හරියක් දාන්නත් අමතක කරන්න එපා.ඒක OK කරල හැංගිලා තියෙන අනිත් ලේයර් එකත් එලියට අරන් text ලේයර් එකට යටින් දාගන්න.



Filter > Render > Lighting මෙතනට ගිහින් කැමති විදිහකට Light එක හදාගන්න.දීල තියෙන අගයන් නම් වඩාත් හොදයි.


ඊලගට text ලේයර් එක පොඩ්ඩක් හරවල ගානට තියාගන්න. Free Transform විධානයෙ ඉන්න ගමන් Ctrl ඔබාගෙන මුළු වලින් ටිකක් ඇදල තාත්වික ගතියට ගන්න එකත් කරන්න


දැන් අපිට ඕනෙ වෙනව තව රූපයක් මං ගත්ත එක තමා පහලින් තියෙන්නෙ.මේ වගේ රූපයක් ටිකක් එලිය එකක් තියෙනවනම් වඩා හොදයි.ඒක මුලින්ම අපේ කැන්වස් එකේ ප්‍රමාණයටම හදා ගන්න.ඊලගට මේක Free Transform වලින් අනික් පැත්ත හරවල Filter > Distort > Wave මගින් මේකට පොඩි හෙවනැල්ලක හැඩය දෙමු.

Number of Generators - 5
Wavelength - 1/146
Amplitude - 6/43
Scale -32/24%
Type - Sine





ඊලගට මේ ලේයර් එක Blend Mode එක Vivid Light වලටත් Fill 30% කටත් හදා ගන්න.


දැන් උඩින් තියෙන text ලේයර් එකෙත් Blend Mode එක Linear Light වලටත් Fill 55% කටත් හදා ගන්න


දැන් ඉතින් Save කරගන්න.ඔය පහලින්ම තියෙන්නෙ මං මේ ක්‍රමේට තව වැඩ ටිකක් එකතු කරල හදාගත්තු මගෙ V කාර්ඩ් එක.කතන්දරේ ටිකක් දැන් වෙනස් නිසා දැන් පාවිච්චි නොකලම ඒක ඒ දවස් වල සෑහෙන්න විකිණුනා..Try කරල බලන්න අලුත් දේකට.ඊලග එකෙන් හමුවෙමු.ආ යටින්ම තියෙන ලින්ක් එකෙන් ඔයාලට මං හදපු එකේ PSD එක බාගන්න පුලුවන්.





PSD file එක මෙතනින් බාන්න..පිංතූර ලොකු ‍කරල බලන්න පිංතූරය උඩ click කරන්න.comments තමා වැඩිපුරම ඕනෙ.
කියවන්න "Text වැඩ"

කොහෙන්ද මේ Fonts

0 අදහස්
Typography  පාඩමේ අවසාන කොටසටත් අපි ඇවිත් ඉන්නෙ තවත් වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු කීපයක් කියන්නයි මේ හදන්නෙ..


අපිට අවශ්‍ය වෙන Font කොහෙන්ද අපි ලබාගන්නෙ.මේ Font හරියට හරියාකාරව පාවිච්චි කලේ නැත්නම් ලොකු ලොකු අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න වෙනව.මෙන්න ‍පොඩි අදහස් ටිකක් නියම Font හොයාගන්න.


www.dafont.com මේ වෙබ් අඩවිය මගෙ ප්‍රියතම එකක් හේතුව ඔවුන් සතුව පුද්ගලික සහ වානිජමය Font විශාල සංඛ්‍යාවක් විවිධ ප්‍රවර්ග වලට වෙන්කරල ලබා දීල තියෙන එක.මෙතනින් අවශ්‍ය Font බාගත කරගන්නත්. වානිජමය Font මිලදී ගන්නටත් හැකියාව තියෙනව.(පුද්ගලික සහ වානිජමය Font ගැන පෝස්ට් එකේ අන්තිමට)


www.myfonts.com ‍මේකත් කලින් කිව්ව වගේම ‍තැනක්.මෙතන fonts එකතුව කලින් වෙබ් අඩවියට සාපේක්ෂව විශාලයි.


www.myfonts.com/WhatTheFont
www.identifont.com මේ වෙබ් අඩවි දෙකම යොදාගන්නෙ විශේෂ කාර්‍යයකට. අපි අවශ්‍ය වෙන Font  හදුනාගැනීම තමයි මෙතනින් වෙන්නෙ.Font ඇතුලත් ඕනම රූපයක් මෙම අඩවියට අප්ලෝඩ් කරල එහි තියෙන Font මොනවද කියල හදුනාගැනීමේ පහසුව වගේම ඒ Font නොමිලේ බාගතකිරීමට හෝ මිලදීගැනීමට හෝ පහසුව ඔබට තියෙනව.


මොනවද මේ පුද්ගලික සහ වානිජමය Font 
‍ප්‍රථමයෙන් ම මේ පුද්ගලික Font එහෙමත් නැත්නම් කවුරුත් දන්න True Type Fons (TTF) නිකුත් උනේ නොමිලේ ලබාදෙන්නක් හැටියට.අදටත් ඒක එහෙමමයි. TTF වල විශේෂත්වය තමයි මේවා නොමිලේ ලබාගත හැකිවීමත් PC සහ MAC පරිගණක පද්දති දෙකේම භාවිත කරන්න හැකිවීමත්.ලාබ බඩුවෙ හිලක් කියනවනෙ, මේකෙත් අඩුපාඩු තියෙනව පළවෙනි එක තමයි මේව නොමිලේ ලබා දෙන නිසා සම්පූර්ණ අක්ෂර සංඛ්‍යාවම නැහැ.අනික තමයි මේ TTF බොහොමයක් මුද්‍රණයන්ත්‍ර වලට TTF අක්ෂර මුද්‍රණය කිරීමේ හැකියාව නැහැ.ඒ නිසා බොහොමයක් විට TTF  යොදාගන්නෙ ගෘහස්ත නිර්මාණ වලට.(Ps වලදි අවසන් නිර්මාණය රූපකයක් නිසා මේ ප්‍රශ්ණය Ps වලට නැහැ.මේක ගොඩක් බලපා‍න්නෙ පිටුසැකසුම් මෘදුකාංග මගින් කරන නිර්මාණ වලට)

මෙන්න මේ හේතු නිසා තමයි වානිජමය Font නැත්නම් PostScript Font  ෙවළද වටිනාකමක් සහිතව ඉදිරියට එන්නෙ.මේ PostScript නිර්මාණය කරන්න තව හේතුවක් තමයි නිර්මාණ පිටපත් කරන්නන්ගෙන් නිර්මාණ ආරක්ෂා කිරීම.PostScript වල සම්පුර්ණ අක්ෂර ඇතුලත් වෙනව වගේම ඕනම මුද්‍රණයන්ත්‍රයකට අනුකූලතාව දක්වන්නත් පුලුවන්.ඒ නිසා ලංකාවෙත් බොහොමයක් වෘත්තිය නිර්මාණ කරුවන් PostScript භාවිතා කරනව.   හැබැයි ඔබට PostScript  ලබාගන්න නම් කිසියම් මුදලක් ගෙවන්න සිදුවේවි.

පිංතූර Wikipedia
කියවන්න "කොහෙන්ද මේ Fonts"

Type කරද්දි බලාගෙනයි

1 අදහස්
කාලෙකට පස්සෙ නැවතත් ලිපියක් යොමු කරන්න අවස්ථාව ලැබුනෙ.කාලයක් අකර්මන්‍යව තිබුණ සිංහලෙන් Ps නැවතත් ආරම්භ කරන්න හැකිවීම සතුටක්.

අද මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ ගොඩදෙනෙක් Ps මගින් පාඨක ආශ්‍රිත නිර්මාණ සිදුකරද්දි කරන වැරදි කීපයක් පිලිබදව. කෙනෙක්ට මේව වැරදි නැහැයි හිතන්න පුලුවන් නමුත් මේ දේවල් වෘත්තිය මට්ටමෙන් නිර්මාණ කරනයේ යෙදෙන ශිල්පීන් නිර්මාණකරනයේදි සැලකිලිමත් වන දේවල්.



1.
 මෙවැනි අක්ෂරය යොදාගෙන නිර්මාණකරනයේදී වඩා වැදගත් කරුණ නම් මෙම ලොකු අකුරු (Capital Letters)අක්ෂර නිපදවා ඇත්තේ වාක්‍යක හෝ ඡේදයක ආරම්භයට ‍පෙර යොදාගැනීම සදහා පමණක් බවයි.සම්පූර්ණ වචනයක් සදහාම එය යොදාගැනීමෙන් එහි සමබරතාවය බිදී අලංකාරය ඉවත්ව යනව.අනික මේ වගේ දෙයක් කියවන්න ඕනම නෙනෙක්ට සැහෙන්න මහන්සි වෙන්න වෙනව.ඒ හින්ද බලාගෙනයි.


2.
ප්‍රතිවිරුද්ධ වර්ණ දෙකක් යොදාගැනීම මගින් නිර්මාණය වෙත ක්ෂනික යොමු කරගැනීමක් ලබාගත හැකි වගේම  එහි පැවැත්මත් ක්ෂනික වෙනවා.කෙනෙකුගේ අවධානය දිගට පවත්වා ගැනීමට මෙවැනි උපක්‍රමයකට බැහැ.ඒ වගේම එය කියවීමට අමාරු සහ වේදනා කාරීදෙයක්. මට නම් දකින කොටත් කේන්තියි.බලන්න ඔබට කොහොමද කියල?



3.
 ගින්දර,වලාකුලු, ජල බිංදු ආශ්‍රිතව නිර්මාණ කරන්න වැඩි දෙනා උනන්දුවක් දක්වනව. Ps ආශ්‍රයෙන් මෙවැනි නිර්මාණ සිදුකිරීම බොහොම සරල දෙයක්.නමුත් කොපමණ නිර්මාණාත්මක වුවත් එයින් ප්‍රේක්ෂකයා අතරට  යාමට ඔබ බලාපොරොත්තුවේ තරමට නොහැකි වේවි.ගිනි ගන්න දේවල් නම් නිර්මාණකරණයෙදි හදුන්වන්නෙ කෝපා කාරී දේවල් හැටියට.


4.
අක්ෂර පසුබිම් රූපක මගින් පිරවීම නව සංකල්පයක් නොවෙනව වගේම එය හොද නිර්මාණයක් ලෙසින් නිර්මාණය කරන්නත් හැකියාව තියෙනව.නමුත් එහිදී බෙහෙවින් කල්පනාකාරී විය යුතු වෙනව රූපයේ නියම ස්ථානයේ පිහිටවීමටත්,අක්ෂර තුලට රූපයේ අයින් තීරු හසුනොවනසේ යෙදීමත් සිදු කල යුතු වෙනව.
ආ..තවත් දෙයක් ඔබ යොදන රූපයේ මිනිසුන් හෝ සතුන් ඇතුලත් වෙනව නම් ඔවුන්ගේ හිස් බෙල්ල ලගින් ඔලුව නොකපන්නත් ප්‍රවේසම් වෙන්න. 

 5.
මෙවැනි නිර්මාණ වසර 10කට පමන පෙර නිර්මාණය වූ වෙබ් අඩවි වල බොහෝ සෙයින් ඇතුලත් උනා.නිර්මාණකරන්න යොදාගන්න පුලුවන් සියලුම වර්ණ එක විට යොදාගෙන කියවීමට පැහැදිලි නිර්මාණයක් කරන්න ඔබට බැරිවේවි.



6.
මෙවැනි Deftone Stylus අක්ෂර එහෙමත් නැත්නම් Snell Roundhand වැනි අත් අකුරු හැඩැති අක්ෂර නිර්මාණය වි ඇත්තේ එකිනෙකට බැදී පවතින ආකාරයෙන් යොදාගැනීමට. එවැනි අක්ෂර මේ ලෙස ඈත්ව පිහිටන ලෙස යෙදුවිට අක්ෂරයේ සෑබෑ රූපය නැතිව යනව.හැම විටම යොදාගන්නා අකුරු පිලිබදව සැලකිලිමත් වෙන්න.



7.
 Ps හි ඇතුලත් text styles මගින් ලබාදෙන විවිධ විලාසිතා රාශියක් ති‍බෙනව. විශේෂයෙන්ම මෙවැනි Texture Overlay වැනි Layer style එකක් යොදාගෙන කරන මෙවැනි නිර්මාණයක් ප්‍රේක්ෂකයාගේ ඇසින් මීදී යන්නෙ වැඩි අමාරුවකින් නෙමේ. මෙවැනි දේ නිර්මාණයේදි කියවීමට පහසු ප්‍රෙක්ෂකයා ඇද බැද තබාගන්නා දේ කිරීමට උත්සාහ ගන්න.


8.
Comic Sans කියන්නෙ ඕනෑම පරිඝණකයක තියෙන font එකක්. බොහෝ දෙනා මේක යොදාගනව Times Roman font එකට වඩා ප්‍රසාංගිකයි (Casual) කියන අදහසින් නමුත් Comic Sans කියන්නෙ ඔබ බලාපොරොත්තු වෙන විදිහෙ අත් අකුරු හැඩැති හෝ අත් අකුරු හැඩැති සේ පෙනෙන හෝ font එකක් නෙමෙයි. අත් අකුරු හැඩැති අක්ෂර විශාල සංඛ්‍යාවක් භාවිතයේ තිබෙනවා.


අක්ෂර ආශ්‍රිත නිර්මා‍ණයෙදි මේ මං කිව්වෙ වැදගත් කරුණු කීපයක් විතරයි.මේ වගේ කරුණු රාශියක් ගැන නිර්මාණකරණයෙදි  සැලකිලිමත් වෙන්න වෙනව.‍ලේසිම දේ ඔබේ අවශ්‍යතාවය ගැන මුලින්ම හොදට හිතල බලන්න.ගැලපෙන font, වර්ණ, පසුබිම් ආදිය ‍මොනවගේ විය යුතු දැයි සිතන්න.







කියවන්න "Type කරද්දි බලාගෙනයි"

ප්‍රමාණය සහ සැකැස්ම

0 අදහස්

බොහෝ දෙනා පෝස්ටර් අත්පත්‍රිකා වගේ දේවල් නිර්මාණය කරද්දි පුලුවන් තරම් ලොකුවට අකුරු යොදාගන්න උත්සාහ කරනව, හැම හිඩැසක්ම අකුරු වලින්ම පුරවනව. ලොකුවට තියෙන දෙයක් කියවන්න ලේසියි,තරමක් දුරට ඒ ක්‍රමේ හරි.නමුත් ඕනම නිර්මාණයක සංතුලනය තමා වැදගත්ම දේ.


බලන්න මේ පෝස්ටර් දෙක දිහා,
 
පලවෙනි එකේ සේරම වාක්‍යය ස‍ දහා ගොඩාක් දුරට එකම ප්‍රමාණයේ  ෆොන්ට් යොදාගෙන තියෙනව. ඒකෙන් පෝස්ටරයක පළමු සහ ප්‍රධානම අවශ්‍යතාවය වෙන අවධානය යොමුකරගැනීම ඉටුවෙන එකක්නම් නැහැ.ඕන ‍කෙනෙක්ට ඒක දිහා නොබල නිකන්ම පහු කරන් යන්නත් පුලුවන්.

 
දෙවෙනි එක, බලන්න ඇහැ ඇදිල යන ආකාරයට ඒකෙ වාක්‍ය ගලපල සංතුලනය කරල තියෙන හැටි. අවශ්‍ය කරුණු මතු කරල තියෙන හැටි. Public lecture කියන එක ඒ හැටිම වැදගත් නොවෙන නිසා පුංචිවට උඩටම තල්ලු කරල, දිනෙත් කෑගහල කියන්න ඔනෙ දෙයක් නෙමේනෙ ඒ නිසා ඒකටත් ඒ දේම කරල. ඊලගට වැදගත්ම දේ Life උපරිමයෙන් ලොකු කරල ඒකට අවධානය යොමු කරගෙන තියෙනව මාතෘකාවෙ අනෙක් කොටස් ටිකත් ඒ එක්කම යටින් යොදාගැනීම මගින් ඒ කොටස් අවධානය යොමුවිය යුතු දේවල් කියල අගවනව. Professor Frink වඩා විශාල හිස් අවකාශයක් තුල යොදල අවධානය යොමුකරගෙන තියෙනව,  එතනදි ප්‍රමාණයට වඩා පිහිටීම නිසා අවධානය යොමු වෙනව ඒ වෙතට. සාර්ථක නිර්මාණයක්.

තුන්වෙනි එක, දෙවැන්නට වඩා තව ටිකක් වැඩි දියුණු කරල. ‘the’ සහ ‘and’ සුලු අදහස් දෙන වචන දෙකක් නිසා ටිකක් පුංචි කරල ඝනකම අඩු font එකක් පාවිච්චි කරල. ඊලගට  ‘the’,‘and’ සහ ‘by Professor Frink’ කියන ටික ටිකක් පැත්තකට කලා. කෙනෙක්ට හිතෙන්න පුලුවන් සේරම ටික මැද්දට ගත්තම පිලිවෙලයි කියල. හැබැයි ඒකෙන් අදුරු සිත් නොගන්නා ඒකාකාරී බවකුත් නිර්මාණය වෙන බව මතක තියාගන්න. නිර්මාණයක සමමිතික බව නැතිකරල ටිකක් නොරිස්සන හැගීමක් නිර්මාණයට එකතු කිරීම මගින් කෙනෙක්ගෙ අවධානය යොමුකරගන්න පහසු බවත් මතක තියාගන්න. හැබැයි ඒක කරන්න ගිහින් තැන් තැන් වල වචන තියල කුණු ගොඩක් කරගන්නෙ නැතිව පෙළ ගස්ස ගන්න. මෙතනට තමා නිර්මාණ කරුවෙක්ගෙ ඇහැක් ඕනෙ වෙන්නෙ. ලේසි ක්‍රමයක් කියන්නම්. අකුරු වල තියෙන සිරස් රේඛා උදව් කරගන්න. බලන්න අපේ පෝස්ටරේ දිහා ‘the’ පෙළගස්සල තියෙන්නෙ ඊට උඩින් තියෙන‍ f අකුරෙ සිරස් රේඛාවත් එක්ක. ‘and’ ඇතුලෙ තියෙන d අකුර උඩින් තියෙන v අතුරටයි යටින් තියෙන y අකුරටයි අනුරූපව පෙලගස්සල. මේක ටිකක් සංකීර්ණ වැඩක්, හොද පලපුරුද්දකුයි කලාත්මක ඇහැකුයි තියෙනවනම් විශිෂ්ඨ නිර්මාණයකට යන එක ලේසියි.( කලාත්මක ඇහැක් ගැන වද වෙන්න එපා නිර්මාණ දිහා බලල අත්හදා බලල හොද ඇහැක් හදා ගතහැකි)

කියවන්න "ප්‍රමාණය සහ සැකැස්ම"

PS මූලධර්ම

6 අදහස්
ශිල්පය සහ නිර්මාණය

මට හිතුන අනික් දේවල් වලට කලින් ග්‍රැෆික් ඩිසයින් ගැන ටිකක් කියල දීල ඉන්න. මොකක්ද ග්‍රැෆික් ඩිසයින් කියන්නෙ, මොනවද මූලධර්ම, නීති රීති, සිරිත් විරිත්. හොදයි නේද. ලංකාවෙ ගොඩක් දෙනා ග්‍රැෆික් ඩිසයින් කලාට මේ කියන දේවල් ගැන අවබෝධයක් තියෙන්නෙ කීප දෙනාටයි.

මුලින්ම කතා කරමු Typography එහෙමත් නැත්නම් මුද්‍රණාක්ෂර විද්‍යාව ගැන.

මොකක්ද මේ මුද්‍රණාක්ෂර විද්‍යාව කියන්නෙ? මුලින්ම කියන්න ඕනෙ මේක විද්යා්වක් කියල නම් කලාට මේ කියන දේ විද්යා්වකට වඩා කලාවක්. Typography හැදිල තියෙන්නෙ මූලික කරුණු 3ක් මත.

1. සචල අක්ෂර සමගින් මුද්‍රණය කිරීමේ හැකියාව සහ නිපුණත්වය
2. සචල මුද්රිණ අක්ෂර සහ මුද්‍රණ මාධ්යනයන් හි සංයෝජනය
3. මුද්‍රිත මාධ්‍යයේ සැකසුම සහ නිරූපනය.
සරලව කිව්වොත් අපි කරන නිර්මාණයක අපි භාවිත කරන අකුරු එහෙමත් නැත්නම් font යොදාගන්න ආකාරය උපරිම ආකාරයෙන්ම ගැලපෙන ලෙසින් යොදාගෙන අවශ්යක පණිවිඩය නිවැරදිව ඉදිරිපත් කිරීම ගැන තමා මේ කියන්නෙ. මෙතෙන්දි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වෙනස් වෙනස් අකුරු මුහුණත් එහෙමත් නැත්නම් ‍fonts වලින් කොහොමද නිවැරදි හෝ වැරදි හෝ අදහස්, පණිවිඩ ඉදිරිපත් වෙන්නෙ කියල.
උදාහරණත් එක්කම බලමු දැන් කොහොමද මේක වෙන්නෙ කියල. එක දෙයක් මේ මං කියන විදිහට මේක කරන්න එපා මේක කරන්න කියල නීති නම් නෑ. කැමති කෙනෙක්ට වෙනස් කරන්න පුලුවන් ඒත් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න නම් මේ දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.




















මේ පිංතූර දෙක දිහා හොදට බලන්න. පලවෙනි එකට යොදාගෙන තියෙන්නෙ sans serif කියන ෆොන්ට් එක, දෙවෙනි එකට යොදාගෙන තියෙන්නෙ serif කියන අකුරු මුහුණතක්.මොකක්ද මේ දෙකේ වෙනස. sans serif ‍font එක නොසලකා හරින්න අමාරු ‍font එකක්.එකට ඕනම කෙනෙක්ගෙ ඇහැ යනව.හේතුව ඒකෙ තියෙන ගණකම සහ හැඩය. නමුත් serif font එකේ තියෙන තුනී ගතියත් එක්ක ඒක කෙනෙක් දැක්කත් ‍කියවන්නෙ නැතිව යන්න ඉඩ තියෙනව.අනික sans serif ‍font වගේ දුර ඉදන් කියවන්න පුලුවන් කමක් මේකට නැහැ.ඒ නිසා sans serif ‍font යොදාගෙන තියෙන board එක අනිත් එකට වඩා සාර්ථකයි.‍


බලන්න මේ පිංතූරෙ Computer Repair Store එකේ ‍යොදාගෙන තියෙන Arnold Bocklin සහ Perpetua කියන ෆොන්ට් දෙක බොර්ඩ් එකේ ලස්සනට පෙනුනට අරමුණත් එක්ක ගැලපෙන්නෙ නැහැ. පරණ මොස්ත‍රයෙ කම්මැලි හිතෙන අකුරු. ඒකෙන් සම්පූර්ණයෙන්ම දෙන්නෙ වැරදි අදහසක්. Computer Repair Store එකක තියෙන්න ඕනෙ තාක්ෂණික පෙනුම ඒකෙන් නැතිවෙලා. දකුණු පැත්තෙ තියෙන furniture store එකේ බෝර්ඩ් එක බලන්න. Handmade කියන ගතියට වඩා ඒකෙ යාන්ත්රිකක බවක් පේන්න තියෙන්නෙ. පහලින් තියෙනව මේ වගේ තවත් නොගැලපෙන ‍font යොදාගත්ත අවස්ථාවන් කීපයක්. බලන්න හොදට



බලමුද දැන් මේව කොහොමද ගැලපෙන විදිහට හදාගන්නෙ කියල.සංසන්දනය කරල බලල ඔයාලම කියන්න කොයිකද හොද ගැලපෙන එක කියල.‍‍
‍


අදහස හිතට ගන්න, අත්හදා බැලීම් කරන්න, නිර්මාණශීලී වෙන්න, මට comment එකක් දාන්න. තව එකකින් හම්බ වෙමු.
කියවන්න "PS මූලධර්ම"

ටී ෂර්ට් එකට ගිය නතාෂා

5 අදහස්

පොඩි අමුතු වැඩක් කරල බලමුද?
මොකද හිතෙන්නෙ මේ ෆොටෝ දෙක ගැන (ඔරිජිනල් එක බෑවෙ Lanka Actress බ්ලොග් එකෙන්)
‍බොහොම සරල සිද්ධාන්තයක් ‍උපයෝගයෙන් තමයි මේක හදල තියෙන්නෙ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව. මොකද කියන්නෙ කරල බලමුද?
මේකට ඕනෙ කරනව හොඳට ආලෝක කරණය වුනු ඡායාරූපයක්. අර උඩින් තියෙන එක වගේ.ඔයාල කැමති ඕන එකක් අරගෙන බලන්න හරියනවද කියල.නැත්නම් වෙන එකක් ගන්න එකනෙ තියෙන්නෙ.
මුලින්ම PS වලින් Open කරගෙන background layer එක duplicate කරන්න ඕනෙ.( Ctrl+J) කී බෝර්ඩ් ලුහු මං නුහුරුයි නම් ලේසි ක්‍රමේ තමා background layer එක new layer Icon එක උඩට ඇදල දාන එක.

ඊලගට මේ duplicate කරගත්තු background layer එක desaturate (Shift+Ctrl+U)  කරගන්න. ඡායාරූපයක් කලු සුදු කරන්න(Grayscale) මේක තමා සරලම ක්‍රමය.හැබැයි මීට වඩා සංකීර්ණ ක්‍රමත් තියෙනව. Desaturate නොකලයි කියලත් ප්‍රශ්නයක් නම් නෑ, නමුත් අපි බලාපෙරොත්තු වෙන ඡායාරූප‍යෙ තත්වය ඉහලින් තියාගන්න පුලුවන් මේකෙන්.අවශ්‍යයි කියල හිතෙනව නම් levels (ctrl +l) ටිකක් වෙනස් කරගන්න.

ඊලගට තමා වැඩේ තියෙන්නෙ. PS වල තියෙනව Threshold කියල විධානයක් ඒකට තමා ඉතුරු වැඩ ටික බාර.

අපේ අර background copy කියන layer ට මේ විධානෙ දුන්නහම වෙන දේ තමා ඔය පහලින් තියෙන්නෙ,අපේ අවසාන පියවරට කිට්ටුයි වගේ පෙනුනට මේකට තව වැඩ ටිකක් තියෙනව. Ok බොත්තම ඔබන්න කලින් ටිකක් බලන්න Threshold දාපු නතාෂගෙ පින්තූරෙ සමහර තැන් තද කලු පාටයි (බලන්න කොණ්ඩෙ ගාව) සමහර තැන් පේන්නෙ නෑ (බලන්න නිකට ලග)

ඒකට කරන්න තියෙන්නෙ එක් එක් තැන් වලට වෙන වෙන Threshold Level දෙන එකයි.තේරුනේ නැතිද. මෙහෙමයි, මුලින්ම පින්තූරෙ මූණ හරිය පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න දැන් Ok බොත්තම ඔබන්න.දැන් කරන්න තියෙන්නෙ background copy layer එකේ මූණ ඇරෙන්න අනෙක් අපැහැදිලි කොටස් මකල දාන එක. ඔයාලට පුලුවන් Eraser tool (E) එක හරි Lasso tool (L) එක හරි පාවිච්චි කරන්න.

ඊලගට ආයෙම background layer එකේ පිටපතක් අරගෙන ඒකටත් කලින් වැඩේම කරන්න.හැබැයි මේ පාර අපි අතඇරල මකල දාපු කොටසක් පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න.හරිනෙ ඕකේ කලා delete කලා. සම්පූර්ණ පින්තූරයම මේ විදිහට හදා ගන්න.ටිකක් රලු උනාට කමක් නෑ.ඒක පස්සෙ හදාගන්න පුලුවන්. එක දෙයක් මතක තියාගන්න කිසිම වෙලාවක කිසිම වෙනස් කමක් මූලික ලේයරයට සිදු කරන්න එපා. හැම වෙලාවෙම duplicate layer වලට කරන දෙයක් කරන්න.ඒක ඇගට හොඳයි වගේම PS වල රීතියක්.

ඊලගට අපි කපල කොටල හදාගත්ත ලේයර් ටික සේරම එකට select කරල merge කරගන්න.( background layer එකයි background copy layer එකයි ඇරෙන්න)

ඊලගට background layer එකයි background copy layer එකයි දෙකම hide කරල. background copy 1 කියල තියෙන අපේ merge කරපු layer එක magic wand tool (w) එකෙන් select කරල සම්පූර්ණ සුදු පාට පසුබිමම ඉවත් කරගන්න.අඩු පාඩු තැන් තියේනම් Brush (B) tool එකයි Eraser (E) tool එකයි යොදාගෙන සම්පූර්ණ කරගන්න.(ඒකට නම් ටිකක් අතේ හුරුව ඕනෙ.)


ඔන්න අපේ වැඩේ ඉවරයි.දැන් කැමති background එකක් දාගෙන.layer එකටත් කැමති පාටක් දාගෙන save කරගන්න.


ඊලගට මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලත් අදහසක් දෙන්නම්.අලුත් වැඩකින් කෙනෙක්ව පුදුම කරවන්න වගෙම මේ වගේ දෙයක් තව තව නිර්මාණශීලී දේවල් වලට යොදාගන්නත් පුලුවන්. මේ වගේ පින්තූරයක් T-Shirt එකකට, Mug එකකට මුද්‍රණය කරල ඔබ ආදරේ කරන කෙනෙක්ට තැග්ගක් දෙන්න. එහෙමත් නැත්නම් facebook එකේ profile picture එකට දාන්න හරි කමක් නෑ.හිතල බලන්න මට වඩා නිර්මාණශිලී අදහස් ඔබට ඇති.ඒ දේවල් අත්හදා බලන්න (මං අපේ අක්කගෙ ඡායාරූපයක් මේ විදිහට හදල එයාට දුන්න මීට අවුරුදු එකහමාරකට විතර කලින්,එයා ගෙ Pen drive එකේ අදටත් ඒක තියාගෙන ඉන්නව.මං ඒක පෙන්නපු වෙලාවෙ ඉදල මේ වෙනකන් ම එයා ඒ පින්තූරෙට එක වගේ ආසයි.මට ඒක එයාගෙ b-day එක දවසෙ mug එකකට print කරල දෙන්න උවමනාව තිබුනත්.ඒකට අවශ්‍ය වෙන transfer paper මුලු කොළඹම හොයලත්‍ හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නව නම් ගන්න තැනක් මටත් කියන්න).යන ගමන් comment එකක් දාගෙනම යන්න. එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමු.
කියවන්න "ටී ෂර්ට් එකට ගිය නතාෂා"