Text වැඩ

Font ගැන Text ගැන ගොඩක් කතා කරපු නිසා මට හිතුන ඒවයින් දැන් වැඩක් ගත්තොත් හොදයි කියල..ප්‍රායෝගික පැත්තකුත් තියෙන්න එපැයි නේද? තව ගොඩක් න්‍යායික දේවලුත් තියෙනව දැනගන්න.හදිස්සියක් නෑනෙ හිමීට කියල දෙන්නම්. පාරවල් වල කහ පාටින් ලියල තියෙන මාර්ග සංඥා දැකල තියෙනවද..ටයර් වලට ගෙවිල වැස්සට තෙමිල තියෙන ඒවගේ එකක් අපිට Ps වලින් හදන්නත් පුලුවන්. මොකද කියන්නෙ බලමුද පුලුවන්ද කියල..

මුලින්ම අපිට ඕනෙ අලුත් කැන්වස් එකක්.චිත්‍ර අදින්නෙ කැන්වස් වලනෙ නේද? Ps විවෘත කරල [Ctrl+N] ඔබල 640x480 සයිස් එකට එකක් හදාගන්න.(මං ගත්තෙ මේ ගානට කැමති ගානක් ගන්න කැමති කෙනෙක්ට පුලුවන්) ආ මුලින්ම කියන්න ඕනෙ මං පාවිච්චි කරන්නෙ CS5 ඒ නිසා පැරණි version වල මේ පෙනුම වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේ කරන විදිහටම CS version එකෙත් කරන්න පුලුවන්.

දැන් මේකට අපේ Text එක දාගන්න ඕනෙ, ඊට කලින් පෙරබිම් සහ පසුබිම් වර්ණ (Foreground and Background) පිළිවෙලින් කළු සහ සුදු වලට හරවගන්න ඕනෙ.ලේසියෙන්ම කරන්න පුලුවන් ඔය ඊතලේ තියෙන තැන click කළාම.


ඊලගට text tool එක අරගෙන Font එක තෝරගන්න ටිකක් ඝනකම් එකක්.මං ගත්‍තෙ Impact සයිස් එක
72 pt. දැන් කැමති විදිහට ටයිප් කරගන්න

දැන් මේක ආයෙම resize කරගන්න ඕනෙ [Ctrl+T] ඔබල Free Transform විධානය ලබාගන්න.එක මුල්ලකින් අල්ලගෙන අවශ්‍ය ප්‍රමාණයට size කරගන්න.ආ මතක තියාගන්න Free Transform කරද්දි Shift key එකත් ඔබාගන්න එතකොට text එකේ accept ratio එකට වෙනසක් වෙන්නෑ..(තරහ වෙන්න එපා සමහර වචන වලට ඉංග්‍රීසි වචනම යොදාගන්නෙ සිංහල වචන තේරුම් ගන්න අමාරු වෙන නිසා)

ඊලගට ලේයර් පැලට් එකෙන් අලුත් ලේයරයක් ලබා ගන්න.දැන් මේකට පොඩි Texture එකක් දාගන්න ඕනෙ. Filter > Render > Clouds ගිහින් පොඩි වලාකුලක් දාගමු.ම්ම් එකක් මදි වගේ ආයෙම පාරක් Filter > Render > Difference Clouds ගිහින් තව Texture දාගන්න.හිතට හරියන එකක් එනකන් [Ctrl+F] (අවසානයට යොදාගත් ෆිල්ටරය නැවතත්).



දැන් Filter > Sketch > Conte Crayon ගිහින් එතන අගයන් මේ විදිහට හදන්න.

Foreground Level - 13,
Background Level - 13
Texture - Sandstone
Relief – 20




දැන් channel Palette එකට ගිහින් Ctrl key එක ඔබාගෙන උඩම තියෙන RGB channel එක උඩ click කරන්න එතකොට අපි හදගත්ත ලේයර් එකේ දීප්තිමත් කොටස් විතරක් සෙලෙක්ට් වෙයි.ඊලගට ආයෙම ලේයර් පැලට් එකට ගිහින් අපේ text ලේයර් එක New Layer button එක අඩට ඇදල දාල එකේ ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න.දැන් අර ඇහැක් වගේ තියෙන Layer Visibility icon එක උඩ click කරල Background layer එකයි duplicate text layer එකයි ඇරෙන්න අනිත් සේරම hide කරන්න.දැන් duplicate text layer සෙලෙක්ට් කරල Add a Mask button උඩ click කරන්න.(මතක තියාගන්න මේ වෙනකොටත් අපි අර සෙලෙක්ට් කරගත්ත දීප්තිමත් කොටස් සෙලෙක්ට් වෙලා තියෙන්න ඔනෙ




දැන් duplicate text layer එකේ mask icon එක උඩ click කරල Image > Adjustments > Levels [Ctrl+L] ගිහින් එතන අගයන් රූපයේ විදිහට හදන්න.



Filter > Noise > Median ගිහින් Radius එක 2 pixels හදල OK කරන්න.



දැන් duplicate text layer එකේ Blend Mode එක Dissolve වලට දාල Fill එක 92% කරන්න. අර හැංගිලා තියෙන text layer එක එලියට අරන් එකෙත් Blend Mode එක Dissolve වලට දාල Fill එක 25% කරන්න.



දැන් text ලේයර් දෙකම එක සැරේ සෙලෙක්ට් කරල(shift හරි ctrl හරි key පාවිච්චි කරන්න) [Ctrl+E] ඔබල ලේයර් දෙක එක් කරන්න.

ඊලගට මේකට තාත්වික බවක් එක්වෙන්න මං O අකුරෙයි P අකුරෙයි මැදින් පොඩි තීරුවක් අයින් කලා.ඊලගට Image > Adjustments > Hue/Saturation වෙතට ගිහින් එතන අගයන් රූපයෙ විදිහට වෙනස් කලා. Colorize එකට හරියක් දාන්නත් අමතක කරන්න එපා.ඒක OK කරල හැංගිලා තියෙන අනිත් ලේයර් එකත් එලියට අරන් text ලේයර් එකට යටින් දාගන්න.



Filter > Render > Lighting මෙතනට ගිහින් කැමති විදිහකට Light එක හදාගන්න.දීල තියෙන අගයන් නම් වඩාත් හොදයි.


ඊලගට text ලේයර් එක පොඩ්ඩක් හරවල ගානට තියාගන්න. Free Transform විධානයෙ ඉන්න ගමන් Ctrl ඔබාගෙන මුළු වලින් ටිකක් ඇදල තාත්වික ගතියට ගන්න එකත් කරන්න


දැන් අපිට ඕනෙ වෙනව තව රූපයක් මං ගත්ත එක තමා පහලින් තියෙන්නෙ.මේ වගේ රූපයක් ටිකක් එලිය එකක් තියෙනවනම් වඩා හොදයි.ඒක මුලින්ම අපේ කැන්වස් එකේ ප්‍රමාණයටම හදා ගන්න.ඊලගට මේක Free Transform වලින් අනික් පැත්ත හරවල Filter > Distort > Wave මගින් මේකට පොඩි හෙවනැල්ලක හැඩය දෙමු.

Number of Generators - 5
Wavelength - 1/146
Amplitude - 6/43
Scale -32/24%
Type - Sine





ඊලගට මේ ලේයර් එක Blend Mode එක Vivid Light වලටත් Fill 30% කටත් හදා ගන්න.


දැන් උඩින් තියෙන text ලේයර් එකෙත් Blend Mode එක Linear Light වලටත් Fill 55% කටත් හදා ගන්න


දැන් ඉතින් Save කරගන්න.ඔය පහලින්ම තියෙන්නෙ මං මේ ක්‍රමේට තව වැඩ ටිකක් එකතු කරල හදාගත්තු මගෙ V කාර්ඩ් එක.කතන්දරේ ටිකක් දැන් වෙනස් නිසා දැන් පාවිච්චි නොකලම ඒක ඒ දවස් වල සෑහෙන්න විකිණුනා..Try කරල බලන්න අලුත් දේකට.ඊලග එකෙන් හමුවෙමු.ආ යටින්ම තියෙන ලින්ක් එකෙන් ඔයාලට මං හදපු එකේ PSD එක බාගන්න පුලුවන්.





PSD file එක මෙතනින් බාන්න..පිංතූර ලොකු ‍කරල බලන්න පිංතූරය උඩ click කරන්න.comments තමා වැඩිපුරම ඕනෙ.

3 අදහස්:

පියල් said...

බොහොම ස්තුතියි සවීර. ‍මම මේ ලිපිය කියවන ගමන්ම PS වලින් කරලා බැලුවා. නියමයි. මෙවන් යහ කාර්යයන් තවත් ඉදිරියට කරන්න ධෙර්යය ශක්තිය ලැබේවා.

පියල් ගුරුගේ.

Saweera said...

@ පියල්,
ස්තුතියි පියල් මගෙන් යමක් ගන්න ඔබගෙ comment තමයි මට ඒ ධෛර්යය ශක්තිය දෙන්නෙ.

බස්සා said...

බොහොම ස්තුතියි... මමත් මේයින් යමක් ඉගෙනගත්තා... දැනුම බෙදාගන්නවට බොහොම පිං....

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..