බැලීම සහ අහක බැලීම

ඡායාරූප සංස්කරණයෙදි සැලකිය යුතු කරුණු කීපයක් ගැන කියන්න තමයි අද ලෑස්තිය.
ඡායාරූප කිපයක එකතුවක් නැත්නම් photomontage එකක් නිර්මාණයෙදි පුලුවන් තරම් අපි ඒ මගින් කියන්න බලාපොරොත්තු වෙන දේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ. අපේ නිර්මාණය නිර්මාණාත්මක කරගන්න කරුණු කීයපක්ම බලපානව. ප්‍රේක්ෂකයාගෙ ඇහැ යොමුකරගන්න පුලුවන් විශිෂ්ඨ නිර්මාණ කරන්න නම් මේ කාරණා ටිකක් වැදගත්.
අපේ නිර්මාණයකට පුදුගල රූපයක් ඇතුලත් වෙනවනම් ඒ පුද්ගලයා අපේ නිර්මාණය තුල සිටින තැන අනුව නිර්මාණයෙ අගය වැඩි වෙනව.පුද්ගලයෙක් නිර්මාණයෙන් පිටත බලන් ඉන්නවට වඩා නිර්මාණය තුලට යොමුවෙලා ඉන්නවනම් ඒකෙ අගය වැඩි වෙනව.
image                                           image
පලවෙනි රූපෙ ඉන්න පුද්ගලය පොත් රාක්කෙ දිහා බලන් ඉන්නව ටිකක් දුරට වෙලා. අපිට දැක්කහම හිතන්න පුලුවන් පොතක් තෝරනව කියල.රූපයෙ වම් පැත්ත ඉදල දකුණු පැත්තට යනකන් අපේ ඇහැ යොමු වෙනව. සාර්ථක නිර්මාණයක්.
දෙවෙනි රූපෙදි මේ ඉන්න පුද්ගලය තව ටිකක් පොත් රාක්කෙට කිට්ටු වෙලා. පොත් රාක්කෙ පොත් නමු හොදට පේනව ඇති.නමුත් පිංතූරය සංතුලනය වෙලා නෑ.පුද්ගලයට පිටුපසින් තියෙන ඉඩ පිංතූ‍රයෙ අපේ කතාවට අනවශ්‍ය දෙයක්.
image
මේ රූපයත් ඒ වගේ මීට වඩා සාර්ථකයි මේ ලමය අනික් පැත්තට හැරිල හිටිය නම්.
චලනය වන වස්තු නිර්මාණයකට යොදාගනිද්දි ඒව ද්ර්ශනය තුලට එන විදිහට යොදා ගැනීමෙන්  නිර්මාණයට විශාල අගයක් එකතු කරන්න පුලුවන්.ඒක සරල මිනිස් සිතුවිල්ලක් අපි ගිය තැනට වඩා යන තැනනෙ වැදගත් වෙන්නෙ. අපි යන තැන පෙන්නන්න.
image
image
image
තුන්වෙනි උදාහරණයෙ ප්‍රධාන අරමුණ තාප්‍පෙ ලියල තියෙන වැකිය. කාන්තාවගෙ රූපෙ හුදෙක් මිනිස් සම්බන්ධතාවය දක්වනව විතරයි එතෙන්දි.
අප්‍රාණික වස්තු වලටත් මේ යොමුවෙලා තියෙන දිසාව බලපානව.බලන්න පහල පිංතූර දෙක දිහා පලවෙනි එක ජලය මත ගමන් කරන ආකාරය දැක්වෙනව. දෙවෙනි එක ඒ අදහස දෙන්න තරම් සාර්ථක නැහැ.imageimage

ආ තව එකක් අරාබි කාරයෙක් නෙමෙයි නම් හැම වෙලේම ඕනම නිර්මාණයක් වමේ ඉදල දකුණට කියවෙන විදිහට තියාගන්න. නැත්නම් කෙනෙක්ට නුහුරු වෙන්න පුලුවන්.අදහස හිතට ගන්න වැඩි දියුණු කරගන්න. හොද නිර්මාණ වල යෙදෙන්න. මට කමන්ට් එකක් දාල  Follow කරන්න. එහෙනම් ඊලග එකෙන්......

5 අදහස්:

හරී said...

share karanna thiyen ba eka nisa post eka penne na hariyata eka eliyata damma nam hari.........

Anonymous said...

ඇත්තටම සරලව හිතල ආයාසයකින් තොරව දැනුමට එකතු විය.ඔබට ස්තූතියි.මෙන්න මල්*********

Saweera said...

@ හරී; ඊයෙ පොඩි පොඩි කචල් ටිකක් තිබ්බ බ්ලොගර් එකේ දැන් හරි නේද? firefox, chrome දෙකේම ටෙස්ට් කලා.පොඩ්ඩක් බලල මටත් කියන්න.ස්තුතියි කිව්ව එහෙනම්.

@ බබා..; එහෙනම් මගෙ අරමුණක් ඉටු වෙලා.ඒක තමා වෙන්න ඕන.

Broken Quill said...

බොහොම ස්තුතියි. මතකය අළුත්වුණා. භාවිතා කරල බලමු.

කිඩෝ said...

තැන්කූ වේවා...

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..