අපිට අවශ්‍ය වෙන Font කොහෙන්ද අපි ලබාගන්නෙ.මේ Font හරියට හරියාකාරව පාවිච්චි කලේ නැත්නම් ලොකු ලොකු අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න වෙනව.මෙන්න පොඩි අදහස් ටිකක් නියම Font හොයාගන්න.
www.dafont.com මේ වෙබ් අඩවිය මගෙ ප්‍රියතම එකක් හේතුව ඔවුන් සතුව පුද්ගලික සහ වානිජමය Font විශාල සංඛ්‍යාවක් විවිධ ප්‍රවර්ග වලට වෙන්කරල ලබා දීල තියෙන එක.මෙතනින් අවශ්‍ය Font බාගත කරගන්නත්. වානිජමය Font මිලදී ගන්නටත් හැකියාව තියෙනව.(පුද්ගලික සහ වානිජමය Font ගැන පෝස්ට් එකේ අන්තිමට)
www.myfonts.com මේකත් කලින් කිව්ව වගේම තැනක්.මෙතන fonts එකතුව කලින් වෙබ් අඩවියට සාපේක්ෂව විශාලයි.
www.myfonts.com/WhatTheFont
www.identifont.com මේ වෙබ් අඩවි දෙකම යොදාගන්නෙ විශේෂ කාර්‍යයකට. අපි අවශ්‍ය වෙන Font හදුනාගැනීම තමයි මෙතනින් වෙන්නෙ.Font ඇතුලත් ඕනම රූපයක් මෙම අඩවියට අප්ලෝඩ් කරල එහි තියෙන Font මොනවද කියල හදුනාගැනීමේ පහසුව වගේම ඒ Font නොමිලේ බාගතකිරීමට හෝ මිලදීගැනීමට හෝ පහසුව ඔබට තියෙනව.
මොනවද මේ පුද්ගලික සහ වානිජමය Font
මෙන්න මේ හේතු නිසා තමයි වානිජමය Font නැත්නම් PostScript Font ෙවළද වටිනාකමක් සහිතව ඉදිරියට එන්නෙ.මේ PostScript නිර්මාණය කරන්න තව හේතුවක් තමයි නිර්මාණ පිටපත් කරන්නන්ගෙන් නිර්මාණ ආරක්ෂා කිරීම.PostScript වල සම්පුර්ණ අක්ෂර ඇතුලත් වෙනව වගේම ඕනම මුද්‍රණයන්ත්‍රයකට අනුකූලතාව දක්වන්නත් පුලුවන්.ඒ නිසා ලංකාවෙත් බොහොමයක් වෘත්තිය නිර්මාණ කරුවන් PostScript භාවිතා කරනව. හැබැයි ඔබට PostScript ලබාගන්න නම් කිසියම් මුදලක් ගෙවන්න සිදුවේවි.
පිංතූර Wikipedia
0 අදහස්:
Post a Comment
හිතෙන දෙයක් ලියලම යන්න..