Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

හැඩ වැඩ

4 අදහස්
කලින් අපි කතා කරපු දේවල් වලටම අදාල තවත් කාරණා කීපයක් ඉදිරිපත් කරන්න තියෙනව නිර්මාණයක සාර්ථකත්වයට බලපාන.

කවුරු හරි කෙනෙක් ඹයාලට දොරක රූපයක් ඇදල දෙන්න කිව්වොත් ඔයාල කොහොම අදිවි ද? සෘජුකෝණාස්‍රාකාර දොරක් සමහරවිට කැටයම් කරපු එකක්..ලොක් එකක් එහෙම, හරි නේද? දැන් බලන්න කාමරේ දොර දිහා ඒක සෘජුකෝණාස්‍රාකාර ද? කවුරැ හරි දැකල තියෙනවද දොරක් නියම සෘජුකෝණාස්‍රාකාර හැඩේකට..?අපි හැමෝම එදිනෙදා ජීවිතේදි මේ වගේ දේවල් දකින්නෙ ඒවයෙ තියෙන ජ්‍යාමිතික හැඩතල වලට නෙමේ..මෙන්න මේ කාරණේ නිර්මාණ කරණයෙදිත් වැදගත් වෙනව..


ඹය තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් දොරක් දකින විදිහ. සාමාන්‍ය පරිසරයෙ නියම ජ්‍යාමිතික හැඩ නැහැ.ඒ නිසා අපි නිර්මාණයෙදිත් ඒ දේවල් ඉවත් කරන්න ඕනෙ.. උදාහරණයක් දෙන්නම් බලන්න පහල පිංතූර දෙක දිහා..



පෝස්ටර් එකක තාත්වික බව තියෙන්නෙ ඒක බිත්තියක අලවල තියෙන කොට. වඩා සාර්ථකයි පොඩ්ඩක් හැඩ උනහම..නැත්ද? බලන්න try කරල..





කව්ද රොක් ස්ටාර්..වමද දකුණද..තීරණය ඔබේ..කරල තියෙන්නෙ චුට්ටක් ලේයර් එක කරකවල විතරයි.

 











මේ දේවල් බොහොම කෙටියෙන් මම කිව්වට දීර්ඝ විදිහට සාකච්ඡා කරන්න පුලුවන් දේවල්..මම සරල අදහසක් විදිහට ඉදිරිපත් කරන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන්වෙන්න.අත්හදා බලන්න,පරීක්ෂණ කරන්න මීට වඩා නිර්මාණශිලිව හිතන්න..ආයෙ හමුවෙමු....ඉක්මනටම..
කියවන්න "හැඩ වැඩ"

උපුටා දැක්වීම

3 අදහස්
අපි මොකක් හරි නිර්මාණයක් වේවා. ඡායාරූපයක් වේවා ගත්තහම එකෙ මුලින්ම ඇහැ යන්නෙ කොතනටද කියල කාටද කියන්න පුලුවන්.ඔන්න ඔකත් බොහොම වැදගත් කාරණයක් සමහර ඒ්‍ව දැකල ඇති නිර්මාණයෙ හරි ඡායාරූපයෙහරි මුලික අරමුණ යටින් ලියන්නත් වෙනව හේතුව නිර්මාණය මගින් අරමුණ ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව. කොහොමද මේක වලක්ව ගන්නෙ.

ලේසිම ක්‍රමේ තමයි අරමුණට නාභිගතකරන එක. කොහොමද මේක කරන්නෙ. ඡායාරූපකරණය ගැන දන්න අයනම් මේක දන්නව.
imageකැල්ක්‍යුයේටරයක් පුද්ගලයෙක් කාමරයක් අපිට මුලු කාමරේ පුරාම ඇහැ යනව.

image

දැන් මොකද කියන්නෙ අපි දකින්නෙ ගණන් හදන පුද්ගලයෙක් .

imageimageimage
මේත් ඒවගේම උදාහරණයක්. මුලින්ම අවශ්‍ය පුද්ගලය මතු කරල ගන්න පසුබිම බොද කරල තියෙනව, 3වෙනි රූපෙ මගින් පුද්ගලයව තවත් මතුකරන්න පසුබිම වර්ණයක් මගින් අදුරු කරල තියෙනව.
The-Last-Supper
මේ උදාහරණෙ ඩාවින්චි ගෙ අවසන් භෝජනය කියන චිත්‍රය මෙතෙන්දි ඩාවින්චි භාවිතා කරල තියෙන්නෙ හැඩතල.බලන්න චිත්‍රයෙ තියෙන හරස් රේඛා මගින් චිත්‍රයෙ මධ්‍යයට අපේ අවධානය යොමු කරනව.

මං මේ කියන්නෙ නිර්මාණයක් සාර්ථක කරගන්න පොඩි අදහස් කීපයක් විතරයි.අත්හදා බලල තමන්යෙ නිර්මාණවලට යොදාගෙන සාර්ථක නිර්මාණයක් කරන එක ඔබට බාරයි.තව වැඩි විස්තර අවශ්‍ය නම් කමන්ට් එකක් දාල අහන්න. ගුණ දොස් කියල යන්න. එහෙනම් ජය වේවා ඊලග එකෙන්.....
කියවන්න "උපුටා දැක්වීම"

බැලීම සහ අහක බැලීම

5 අදහස්
ඡායාරූප සංස්කරණයෙදි සැලකිය යුතු කරුණු කීපයක් ගැන කියන්න තමයි අද ලෑස්තිය.
ඡායාරූප කිපයක එකතුවක් නැත්නම් photomontage එකක් නිර්මාණයෙදි පුලුවන් තරම් අපි ඒ මගින් කියන්න බලාපොරොත්තු වෙන දේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ. අපේ නිර්මාණය නිර්මාණාත්මක කරගන්න කරුණු කීයපක්ම බලපානව. ප්‍රේක්ෂකයාගෙ ඇහැ යොමුකරගන්න පුලුවන් විශිෂ්ඨ නිර්මාණ කරන්න නම් මේ කාරණා ටිකක් වැදගත්.
අපේ නිර්මාණයකට පුදුගල රූපයක් ඇතුලත් වෙනවනම් ඒ පුද්ගලයා අපේ නිර්මාණය තුල සිටින තැන අනුව නිර්මාණයෙ අගය වැඩි වෙනව.පුද්ගලයෙක් නිර්මාණයෙන් පිටත බලන් ඉන්නවට වඩා නිර්මාණය තුලට යොමුවෙලා ඉන්නවනම් ඒකෙ අගය වැඩි වෙනව.
image                                           image
පලවෙනි රූපෙ ඉන්න පුද්ගලය පොත් රාක්කෙ දිහා බලන් ඉන්නව ටිකක් දුරට වෙලා. අපිට දැක්කහම හිතන්න පුලුවන් පොතක් තෝරනව කියල.රූපයෙ වම් පැත්ත ඉදල දකුණු පැත්තට යනකන් අපේ ඇහැ යොමු වෙනව. සාර්ථක නිර්මාණයක්.
දෙවෙනි රූපෙදි මේ ඉන්න පුද්ගලය තව ටිකක් පොත් රාක්කෙට කිට්ටු වෙලා. පොත් රාක්කෙ පොත් නමු හොදට පේනව ඇති.නමුත් පිංතූරය සංතුලනය වෙලා නෑ.පුද්ගලයට පිටුපසින් තියෙන ඉඩ පිංතූ‍රයෙ අපේ කතාවට අනවශ්‍ය දෙයක්.
image
මේ රූපයත් ඒ වගේ මීට වඩා සාර්ථකයි මේ ලමය අනික් පැත්තට හැරිල හිටිය නම්.
චලනය වන වස්තු නිර්මාණයකට යොදාගනිද්දි ඒව ද්ර්ශනය තුලට එන විදිහට යොදා ගැනීමෙන්  නිර්මාණයට විශාල අගයක් එකතු කරන්න පුලුවන්.ඒක සරල මිනිස් සිතුවිල්ලක් අපි ගිය තැනට වඩා යන තැනනෙ වැදගත් වෙන්නෙ. අපි යන තැන පෙන්නන්න.
image
image
image
තුන්වෙනි උදාහරණයෙ ප්‍රධාන අරමුණ තාප්‍පෙ ලියල තියෙන වැකිය. කාන්තාවගෙ රූපෙ හුදෙක් මිනිස් සම්බන්ධතාවය දක්වනව විතරයි එතෙන්දි.
අප්‍රාණික වස්තු වලටත් මේ යොමුවෙලා තියෙන දිසාව බලපානව.බලන්න පහල පිංතූර දෙක දිහා පලවෙනි එක ජලය මත ගමන් කරන ආකාරය දැක්වෙනව. දෙවෙනි එක ඒ අදහස දෙන්න තරම් සාර්ථක නැහැ.imageimage

ආ තව එකක් අරාබි කාරයෙක් නෙමෙයි නම් හැම වෙලේම ඕනම නිර්මාණයක් වමේ ඉදල දකුණට කියවෙන විදිහට තියාගන්න. නැත්නම් කෙනෙක්ට නුහුරු වෙන්න පුලුවන්.අදහස හිතට ගන්න වැඩි දියුණු කරගන්න. හොද නිර්මාණ වල යෙදෙන්න. මට කමන්ට් එකක් දාල  Follow කරන්න. එහෙනම් ඊලග එකෙන්......
කියවන්න "බැලීම සහ අහක බැලීම"

Text වැඩ

3 අදහස්
Font ගැන Text ගැන ගොඩක් කතා කරපු නිසා මට හිතුන ඒවයින් දැන් වැඩක් ගත්තොත් හොදයි කියල..ප්‍රායෝගික පැත්තකුත් තියෙන්න එපැයි නේද? තව ගොඩක් න්‍යායික දේවලුත් තියෙනව දැනගන්න.හදිස්සියක් නෑනෙ හිමීට කියල දෙන්නම්. පාරවල් වල කහ පාටින් ලියල තියෙන මාර්ග සංඥා දැකල තියෙනවද..ටයර් වලට ගෙවිල වැස්සට තෙමිල තියෙන ඒවගේ එකක් අපිට Ps වලින් හදන්නත් පුලුවන්. මොකද කියන්නෙ බලමුද පුලුවන්ද කියල..

මුලින්ම අපිට ඕනෙ අලුත් කැන්වස් එකක්.චිත්‍ර අදින්නෙ කැන්වස් වලනෙ නේද? Ps විවෘත කරල [Ctrl+N] ඔබල 640x480 සයිස් එකට එකක් හදාගන්න.(මං ගත්තෙ මේ ගානට කැමති ගානක් ගන්න කැමති කෙනෙක්ට පුලුවන්) ආ මුලින්ම කියන්න ඕනෙ මං පාවිච්චි කරන්නෙ CS5 ඒ නිසා පැරණි version වල මේ පෙනුම වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේ කරන විදිහටම CS version එකෙත් කරන්න පුලුවන්.

දැන් මේකට අපේ Text එක දාගන්න ඕනෙ, ඊට කලින් පෙරබිම් සහ පසුබිම් වර්ණ (Foreground and Background) පිළිවෙලින් කළු සහ සුදු වලට හරවගන්න ඕනෙ.ලේසියෙන්ම කරන්න පුලුවන් ඔය ඊතලේ තියෙන තැන click කළාම.


ඊලගට text tool එක අරගෙන Font එක තෝරගන්න ටිකක් ඝනකම් එකක්.මං ගත්‍තෙ Impact සයිස් එක
72 pt. දැන් කැමති විදිහට ටයිප් කරගන්න

දැන් මේක ආයෙම resize කරගන්න ඕනෙ [Ctrl+T] ඔබල Free Transform විධානය ලබාගන්න.එක මුල්ලකින් අල්ලගෙන අවශ්‍ය ප්‍රමාණයට size කරගන්න.ආ මතක තියාගන්න Free Transform කරද්දි Shift key එකත් ඔබාගන්න එතකොට text එකේ accept ratio එකට වෙනසක් වෙන්නෑ..(තරහ වෙන්න එපා සමහර වචන වලට ඉංග්‍රීසි වචනම යොදාගන්නෙ සිංහල වචන තේරුම් ගන්න අමාරු වෙන නිසා)

ඊලගට ලේයර් පැලට් එකෙන් අලුත් ලේයරයක් ලබා ගන්න.දැන් මේකට පොඩි Texture එකක් දාගන්න ඕනෙ. Filter > Render > Clouds ගිහින් පොඩි වලාකුලක් දාගමු.ම්ම් එකක් මදි වගේ ආයෙම පාරක් Filter > Render > Difference Clouds ගිහින් තව Texture දාගන්න.හිතට හරියන එකක් එනකන් [Ctrl+F] (අවසානයට යොදාගත් ෆිල්ටරය නැවතත්).



දැන් Filter > Sketch > Conte Crayon ගිහින් එතන අගයන් මේ විදිහට හදන්න.

Foreground Level - 13,
Background Level - 13
Texture - Sandstone
Relief – 20




දැන් channel Palette එකට ගිහින් Ctrl key එක ඔබාගෙන උඩම තියෙන RGB channel එක උඩ click කරන්න එතකොට අපි හදගත්ත ලේයර් එකේ දීප්තිමත් කොටස් විතරක් සෙලෙක්ට් වෙයි.ඊලගට ආයෙම ලේයර් පැලට් එකට ගිහින් අපේ text ලේයර් එක New Layer button එක අඩට ඇදල දාල එකේ ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න.දැන් අර ඇහැක් වගේ තියෙන Layer Visibility icon එක උඩ click කරල Background layer එකයි duplicate text layer එකයි ඇරෙන්න අනිත් සේරම hide කරන්න.දැන් duplicate text layer සෙලෙක්ට් කරල Add a Mask button උඩ click කරන්න.(මතක තියාගන්න මේ වෙනකොටත් අපි අර සෙලෙක්ට් කරගත්ත දීප්තිමත් කොටස් සෙලෙක්ට් වෙලා තියෙන්න ඔනෙ




දැන් duplicate text layer එකේ mask icon එක උඩ click කරල Image > Adjustments > Levels [Ctrl+L] ගිහින් එතන අගයන් රූපයේ විදිහට හදන්න.



Filter > Noise > Median ගිහින් Radius එක 2 pixels හදල OK කරන්න.



දැන් duplicate text layer එකේ Blend Mode එක Dissolve වලට දාල Fill එක 92% කරන්න. අර හැංගිලා තියෙන text layer එක එලියට අරන් එකෙත් Blend Mode එක Dissolve වලට දාල Fill එක 25% කරන්න.



දැන් text ලේයර් දෙකම එක සැරේ සෙලෙක්ට් කරල(shift හරි ctrl හරි key පාවිච්චි කරන්න) [Ctrl+E] ඔබල ලේයර් දෙක එක් කරන්න.

ඊලගට මේකට තාත්වික බවක් එක්වෙන්න මං O අකුරෙයි P අකුරෙයි මැදින් පොඩි තීරුවක් අයින් කලා.ඊලගට Image > Adjustments > Hue/Saturation වෙතට ගිහින් එතන අගයන් රූපයෙ විදිහට වෙනස් කලා. Colorize එකට හරියක් දාන්නත් අමතක කරන්න එපා.ඒක OK කරල හැංගිලා තියෙන අනිත් ලේයර් එකත් එලියට අරන් text ලේයර් එකට යටින් දාගන්න.



Filter > Render > Lighting මෙතනට ගිහින් කැමති විදිහකට Light එක හදාගන්න.දීල තියෙන අගයන් නම් වඩාත් හොදයි.


ඊලගට text ලේයර් එක පොඩ්ඩක් හරවල ගානට තියාගන්න. Free Transform විධානයෙ ඉන්න ගමන් Ctrl ඔබාගෙන මුළු වලින් ටිකක් ඇදල තාත්වික ගතියට ගන්න එකත් කරන්න


දැන් අපිට ඕනෙ වෙනව තව රූපයක් මං ගත්ත එක තමා පහලින් තියෙන්නෙ.මේ වගේ රූපයක් ටිකක් එලිය එකක් තියෙනවනම් වඩා හොදයි.ඒක මුලින්ම අපේ කැන්වස් එකේ ප්‍රමාණයටම හදා ගන්න.ඊලගට මේක Free Transform වලින් අනික් පැත්ත හරවල Filter > Distort > Wave මගින් මේකට පොඩි හෙවනැල්ලක හැඩය දෙමු.

Number of Generators - 5
Wavelength - 1/146
Amplitude - 6/43
Scale -32/24%
Type - Sine





ඊලගට මේ ලේයර් එක Blend Mode එක Vivid Light වලටත් Fill 30% කටත් හදා ගන්න.


දැන් උඩින් තියෙන text ලේයර් එකෙත් Blend Mode එක Linear Light වලටත් Fill 55% කටත් හදා ගන්න


දැන් ඉතින් Save කරගන්න.ඔය පහලින්ම තියෙන්නෙ මං මේ ක්‍රමේට තව වැඩ ටිකක් එකතු කරල හදාගත්තු මගෙ V කාර්ඩ් එක.කතන්දරේ ටිකක් දැන් වෙනස් නිසා දැන් පාවිච්චි නොකලම ඒක ඒ දවස් වල සෑහෙන්න විකිණුනා..Try කරල බලන්න අලුත් දේකට.ඊලග එකෙන් හමුවෙමු.ආ යටින්ම තියෙන ලින්ක් එකෙන් ඔයාලට මං හදපු එකේ PSD එක බාගන්න පුලුවන්.





PSD file එක මෙතනින් බාන්න..පිංතූර ලොකු ‍කරල බලන්න පිංතූරය උඩ click කරන්න.comments තමා වැඩිපුරම ඕනෙ.
කියවන්න "Text වැඩ"

ටී ෂර්ට් එකට ගිය නතාෂා

5 අදහස්

පොඩි අමුතු වැඩක් කරල බලමුද?
මොකද හිතෙන්නෙ මේ ෆොටෝ දෙක ගැන (ඔරිජිනල් එක බෑවෙ Lanka Actress බ්ලොග් එකෙන්)
‍බොහොම සරල සිද්ධාන්තයක් ‍උපයෝගයෙන් තමයි මේක හදල තියෙන්නෙ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව. මොකද කියන්නෙ කරල බලමුද?
මේකට ඕනෙ කරනව හොඳට ආලෝක කරණය වුනු ඡායාරූපයක්. අර උඩින් තියෙන එක වගේ.ඔයාල කැමති ඕන එකක් අරගෙන බලන්න හරියනවද කියල.නැත්නම් වෙන එකක් ගන්න එකනෙ තියෙන්නෙ.
මුලින්ම PS වලින් Open කරගෙන background layer එක duplicate කරන්න ඕනෙ.( Ctrl+J) කී බෝර්ඩ් ලුහු මං නුහුරුයි නම් ලේසි ක්‍රමේ තමා background layer එක new layer Icon එක උඩට ඇදල දාන එක.

ඊලගට මේ duplicate කරගත්තු background layer එක desaturate (Shift+Ctrl+U)  කරගන්න. ඡායාරූපයක් කලු සුදු කරන්න(Grayscale) මේක තමා සරලම ක්‍රමය.හැබැයි මීට වඩා සංකීර්ණ ක්‍රමත් තියෙනව. Desaturate නොකලයි කියලත් ප්‍රශ්නයක් නම් නෑ, නමුත් අපි බලාපෙරොත්තු වෙන ඡායාරූප‍යෙ තත්වය ඉහලින් තියාගන්න පුලුවන් මේකෙන්.අවශ්‍යයි කියල හිතෙනව නම් levels (ctrl +l) ටිකක් වෙනස් කරගන්න.

ඊලගට තමා වැඩේ තියෙන්නෙ. PS වල තියෙනව Threshold කියල විධානයක් ඒකට තමා ඉතුරු වැඩ ටික බාර.

අපේ අර background copy කියන layer ට මේ විධානෙ දුන්නහම වෙන දේ තමා ඔය පහලින් තියෙන්නෙ,අපේ අවසාන පියවරට කිට්ටුයි වගේ පෙනුනට මේකට තව වැඩ ටිකක් තියෙනව. Ok බොත්තම ඔබන්න කලින් ටිකක් බලන්න Threshold දාපු නතාෂගෙ පින්තූරෙ සමහර තැන් තද කලු පාටයි (බලන්න කොණ්ඩෙ ගාව) සමහර තැන් පේන්නෙ නෑ (බලන්න නිකට ලග)

ඒකට කරන්න තියෙන්නෙ එක් එක් තැන් වලට වෙන වෙන Threshold Level දෙන එකයි.තේරුනේ නැතිද. මෙහෙමයි, මුලින්ම පින්තූරෙ මූණ හරිය පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න දැන් Ok බොත්තම ඔබන්න.දැන් කරන්න තියෙන්නෙ background copy layer එකේ මූණ ඇරෙන්න අනෙක් අපැහැදිලි කොටස් මකල දාන එක. ඔයාලට පුලුවන් Eraser tool (E) එක හරි Lasso tool (L) එක හරි පාවිච්චි කරන්න.

ඊලගට ආයෙම background layer එකේ පිටපතක් අරගෙන ඒකටත් කලින් වැඩේම කරන්න.හැබැයි මේ පාර අපි අතඇරල මකල දාපු කොටසක් පැහැදිලි තරමට ගැලපෙන තරමට Threshold Level එක හදාගන්න.හරිනෙ ඕකේ කලා delete කලා. සම්පූර්ණ පින්තූරයම මේ විදිහට හදා ගන්න.ටිකක් රලු උනාට කමක් නෑ.ඒක පස්සෙ හදාගන්න පුලුවන්. එක දෙයක් මතක තියාගන්න කිසිම වෙලාවක කිසිම වෙනස් කමක් මූලික ලේයරයට සිදු කරන්න එපා. හැම වෙලාවෙම duplicate layer වලට කරන දෙයක් කරන්න.ඒක ඇගට හොඳයි වගේම PS වල රීතියක්.

ඊලගට අපි කපල කොටල හදාගත්ත ලේයර් ටික සේරම එකට select කරල merge කරගන්න.( background layer එකයි background copy layer එකයි ඇරෙන්න)

ඊලගට background layer එකයි background copy layer එකයි දෙකම hide කරල. background copy 1 කියල තියෙන අපේ merge කරපු layer එක magic wand tool (w) එකෙන් select කරල සම්පූර්ණ සුදු පාට පසුබිමම ඉවත් කරගන්න.අඩු පාඩු තැන් තියේනම් Brush (B) tool එකයි Eraser (E) tool එකයි යොදාගෙන සම්පූර්ණ කරගන්න.(ඒකට නම් ටිකක් අතේ හුරුව ඕනෙ.)


ඔන්න අපේ වැඩේ ඉවරයි.දැන් කැමති background එකක් දාගෙන.layer එකටත් කැමති පාටක් දාගෙන save කරගන්න.


ඊලගට මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලත් අදහසක් දෙන්නම්.අලුත් වැඩකින් කෙනෙක්ව පුදුම කරවන්න වගෙම මේ වගේ දෙයක් තව තව නිර්මාණශීලී දේවල් වලට යොදාගන්නත් පුලුවන්. මේ වගේ පින්තූරයක් T-Shirt එකකට, Mug එකකට මුද්‍රණය කරල ඔබ ආදරේ කරන කෙනෙක්ට තැග්ගක් දෙන්න. එහෙමත් නැත්නම් facebook එකේ profile picture එකට දාන්න හරි කමක් නෑ.හිතල බලන්න මට වඩා නිර්මාණශිලී අදහස් ඔබට ඇති.ඒ දේවල් අත්හදා බලන්න (මං අපේ අක්කගෙ ඡායාරූපයක් මේ විදිහට හදල එයාට දුන්න මීට අවුරුදු එකහමාරකට විතර කලින්,එයා ගෙ Pen drive එකේ අදටත් ඒක තියාගෙන ඉන්නව.මං ඒක පෙන්නපු වෙලාවෙ ඉදල මේ වෙනකන් ම එයා ඒ පින්තූරෙට එක වගේ ආසයි.මට ඒක එයාගෙ b-day එක දවසෙ mug එකකට print කරල දෙන්න උවමනාව තිබුනත්.ඒකට අවශ්‍ය වෙන transfer paper මුලු කොළඹම හොයලත්‍ හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නව නම් ගන්න තැනක් මටත් කියන්න).යන ගමන් comment එකක් දාගෙනම යන්න. එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමු.
කියවන්න "ටී ෂර්ට් එකට ගිය නතාෂා"