Pages

උපුටා දැක්වීම

අපි මොකක් හරි නිර්මාණයක් වේවා. ඡායාරූපයක් වේවා ගත්තහම එකෙ මුලින්ම ඇහැ යන්නෙ කොතනටද කියල කාටද කියන්න පුලුවන්.ඔන්න ඔකත් බොහොම වැදගත් කාරණයක් සමහර ඒ්‍ව දැකල ඇති නිර්මාණයෙ හරි ඡායාරූපයෙහරි මුලික අරමුණ යටින් ලියන්නත් වෙනව හේතුව නිර්මාණය මගින් අරමුණ ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව. කොහොමද මේක වලක්ව ගන්නෙ.

ලේසිම ක්‍රමේ තමයි අරමුණට නාභිගතකරන එක. කොහොමද මේක කරන්නෙ. ඡායාරූපකරණය ගැන දන්න අයනම් මේක දන්නව.
imageකැල්ක්‍යුයේටරයක් පුද්ගලයෙක් කාමරයක් අපිට මුලු කාමරේ පුරාම ඇහැ යනව.

image

දැන් මොකද කියන්නෙ අපි දකින්නෙ ගණන් හදන පුද්ගලයෙක් .

imageimageimage
මේත් ඒවගේම උදාහරණයක්. මුලින්ම අවශ්‍ය පුද්ගලය මතු කරල ගන්න පසුබිම බොද කරල තියෙනව, 3වෙනි රූපෙ මගින් පුද්ගලයව තවත් මතුකරන්න පසුබිම වර්ණයක් මගින් අදුරු කරල තියෙනව.
The-Last-Supper
මේ උදාහරණෙ ඩාවින්චි ගෙ අවසන් භෝජනය කියන චිත්‍රය මෙතෙන්දි ඩාවින්චි භාවිතා කරල තියෙන්නෙ හැඩතල.බලන්න චිත්‍රයෙ තියෙන හරස් රේඛා මගින් චිත්‍රයෙ මධ්‍යයට අපේ අවධානය යොමු කරනව.

මං මේ කියන්නෙ නිර්මාණයක් සාර්ථක කරගන්න පොඩි අදහස් කීපයක් විතරයි.අත්හදා බලල තමන්යෙ නිර්මාණවලට යොදාගෙන සාර්ථක නිර්මාණයක් කරන එක ඔබට බාරයි.තව වැඩි විස්තර අවශ්‍ය නම් කමන්ට් එකක් දාල අහන්න. ගුණ දොස් කියල යන්න. එහෙනම් ජය වේවා ඊලග එකෙන්.....

3 comments:

  1. නියමයි... ඔහොම කරන් යං. Word verifications අයින් කලොත් හොඳ නේද ?

    ReplyDelete
  2. @ චතුරංග පෙරේරා; ඔන්න හරි....තෑන්ක්ස් කිව්ව ‍කමන්ට් එකට

    ReplyDelete
  3. බොහොම ප්‍රයෝජනවත්... ! ස්තූතියි...

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න..