හැඩ වැඩ

කලින් අපි කතා කරපු දේවල් වලටම අදාල තවත් කාරණා කීපයක් ඉදිරිපත් කරන්න තියෙනව නිර්මාණයක සාර්ථකත්වයට බලපාන.

කවුරු හරි කෙනෙක් ඹයාලට දොරක රූපයක් ඇදල දෙන්න කිව්වොත් ඔයාල කොහොම අදිවි ද? සෘජුකෝණාස්‍රාකාර දොරක් සමහරවිට කැටයම් කරපු එකක්..ලොක් එකක් එහෙම, හරි නේද? දැන් බලන්න කාමරේ දොර දිහා ඒක සෘජුකෝණාස්‍රාකාර ද? කවුරැ හරි දැකල තියෙනවද දොරක් නියම සෘජුකෝණාස්‍රාකාර හැඩේකට..?අපි හැමෝම එදිනෙදා ජීවිතේදි මේ වගේ දේවල් දකින්නෙ ඒවයෙ තියෙන ජ්‍යාමිතික හැඩතල වලට නෙමේ..මෙන්න මේ කාරණේ නිර්මාණ කරණයෙදිත් වැදගත් වෙනව..


ඹය තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් දොරක් දකින විදිහ. සාමාන්‍ය පරිසරයෙ නියම ජ්‍යාමිතික හැඩ නැහැ.ඒ නිසා අපි නිර්මාණයෙදිත් ඒ දේවල් ඉවත් කරන්න ඕනෙ.. උදාහරණයක් දෙන්නම් බලන්න පහල පිංතූර දෙක දිහා..



පෝස්ටර් එකක තාත්වික බව තියෙන්නෙ ඒක බිත්තියක අලවල තියෙන කොට. වඩා සාර්ථකයි පොඩ්ඩක් හැඩ උනහම..නැත්ද? බලන්න try කරල..





කව්ද රොක් ස්ටාර්..වමද දකුණද..තීරණය ඔබේ..කරල තියෙන්නෙ චුට්ටක් ලේයර් එක කරකවල විතරයි.

 











මේ දේවල් බොහොම කෙටියෙන් මම කිව්වට දීර්ඝ විදිහට සාකච්ඡා කරන්න පුලුවන් දේවල්..මම සරල අදහසක් විදිහට ඉදිරිපත් කරන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන්වෙන්න.අත්හදා බලන්න,පරීක්ෂණ කරන්න මීට වඩා නිර්මාණශිලිව හිතන්න..ආයෙ හමුවෙමු....ඉක්මනටම..

4 අදහස්:

චතුර විජේකෝන් said...

අපේ ක්ෂේත්‍රයටත් ග්‍රැෆික්ස් ඒ තරම් දුර නෑ. ඒත් ඒ ගැන වැඩිය නොහිතපු හින්දාද කොහෙද දැනුම නම් අඩුයි. යන්තම් ගැටගහගන්න විතරයි දන්නේ. ඒකත් MS Paint වල. ඔයාගේ පාඩම් ටික Follow කරන්න ඕනි කියලා හිතා ගත්තත් වෙලාව හරස් වෙනවානේ. කොහොමටත් ස්තුතියි සහෝ....

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මම ‍ඔයාගේ මේ පාඩම් වලට කැමති උදාහරණ එක්කම සරලව පැහැදිලි කරලා තියෙන නිසා. නොදන්න කෙනෙක්ට වුනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. සොෆ්ට්වෙයා එක දැනගෙන විතරක් ග්‍රැෆික් කරන්න බෑ. රූපකරණය ගැන දැනගන්නත් ඕනේ. මේ දෙන දැනුමට ගොඩක් පිං... දිගටම කරගෙන යන්න ශක්තිය...!!!

Saweera said...

@ Chathura Wijekoon: යන්තම් වෙලාව අල්ලගෙන කරල බලන්න..ග්‍රැෆික් ඩිසයින් කියන කලාව ගොඩක් තෘප්තිමත් වෙන්න පුලුවන් කලාවක්. නිර්මාණයක් කරල අවසන් කලාම තියෙන සතුට අසීමිතයි..try කරල බලන්න..


@ චතුරංග පෙරේරා: ඔය කතන්දරේ තමා ලංකාවෙ ගොඩ දෙනෙක්ට වෙලා තියෙන්නෙ..ලේයර් ස්ටයිල් අනං මනං දාල ඩිසයින් කරන්න දන්නව ‍concept ගැන දන්නෙ නෑ..දෙකම හරියට එකතු උනොත් තමා නියම නිර්මාණ බිහිවෙන්නෙ.හොද ශිල්පියො නැතිව නෙමෙයි..ස්තුතියි ඔබට..දෙයක් මගෙන් ගත්තනම් මාත් සාර්ථකයි..

kandyangate said...

මමත් ගැෆික් වල කැමැති කෙනෙක් සහ ඒ සඳහා උත්සහ ගන්නා ආධුනිකයෙක් .ඇත්තට යම් කිසිවෙක් නිර්මාණය කළ ලෝගෝ එකක් දෙස බලා ඒක මටත් කරන්න හැකියාව තිබ්බනම් කියලා හිතෙන වෙලාවල් තියෙනවා .එත් ඒ ලෝගෝ එක ඉතාම සරළ නිර්මාණයක් . දැක්ක ගමන් කරන්න හැකියි කියාත් හිතෙනවා. ඒත් අලුතෙන්ම වෙන එකක් නිර්මාණය කරන්න ගියාම බැහැ. ඒ ඇයි ? ඔබේ සහාය ඉදිරියේදීත් අපේ ගැටළු සඳහාත් ලැබේයැයි කියා සිතනවා. ඔබට ඉතාමත්ම ස්තූතියි අපි නොදන්නා නොසිතන පැත්තක් පෙන්නා දුන්නාට.හැම පොස්ට් එකක් අවසානයේදීම අපිට කරන්න පොඩි අභ්‍යාසයකුත් දෙනවා නම් අපේ නිර්මාණශීලි බව වැඩි‍ වේ යැයි යෝජනා කරනවා

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..